හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 05දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කර තිබේ.

එළැඹෙන මාර්තු 12 වනිදා සිට ලිට්‍රෝ ගෑස් සිලින්ඩර වැඩි ප්‍රමාණයක් වෙළෙඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා වාර්තා කිරීම සඳහා මෙන්ම ඒ පිළිබඳව යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය විජිත හේරත් මහතාගේ සභාපතින්වයෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කර තිබේ.

ශ්‍රීපාද කඳු මුදුන ඉදිරිපිට පිහිටි ශ්‍රීපාද රක්ෂිතයට අයත් කඳුයායක අද (19) දින හදිසි ගින්නක් හටගෙන තිබේ.

වෙළෙඳපොළේ ලාෆ්ස් සන්නාමය සහිත එල් පී ගෑස් සිලින්ඩරවල තාවකාලික හිඟයක් පවතින බවට සංසරණය වන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් එම සමාගම නිවේනදයක් නිකුත් කර තිබේ.

ඩොලරය පහළට

Published in පුවත්
Thursday, 19 February 2026 15:14

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (19) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 305.63ක් ලෙස සහ විකුණුම් මිල රු. 313.14ක් ලෙස පහළ ගොස් තිබේ.

අනාගතයේදී කිසිදු ගෑස් හිඟයක් ඇති නොවන බවත් ප්‍රමාණවත් පරිදි තොග පවතින බවත් ලිට්‍රෝ සමාගම පවසයි.

පසුගිය දින කිහිපය තුළ මඩකලපුව දිස්ත්‍රික්කයට තද වැසි ඇදහැලෙන අතර අද (19) උදෑසන සිට මුහුදු ප්‍රදේශවල තද සුළං හමා යන බවද වාර්තාවේ.

අධික වර්ෂාව හේතුවෙන් කාත්තන්කුඩි, එතුගාල පූනොච්චිමුනෛ නාවලඩි, කල්ලඩි ඇතුළු බොහෝ ප්‍රදේශවල දෛනික කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති අතර සාමාන්‍ය ජන ජීවිතය සම්පූර්ණයෙන්ම ඇනහිට ඇතැයි වාර්තා වේ.

ධීවර කටයුතුවලට දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇත මුහුද ඉතා කැලඹිලි සහිතයි.

මේ නිසාවෙන් ධීවර කටයුතුවලට බාධා ඇතිව තිබේ.

අඛණ්ඩව පවතින අධික වර්ෂාව හේතුවෙන් ළමා උද්‍යාන රැසක් ජලයෙන් යටවී ඇති අතර ක්‍රීඩා පිටි රැසක් ජලයෙන් යටවී ඇත.

ld add copy

Connet With Us