පොදු ජන පෙරමුණ (පොහොට්ටුව) දෙකඩවීම මතු ආණ්ඩු පක්ෂයට බහුතරය අහිමි ඇති බැවින් එම අවස්ථාව යොදු ගනිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව අගමැතිවරයා ලෙස පත් කරගැනීමේ හැකියාවක් ඇති බව පොදුජන පෙරමුණේ නාමල් රාජපක්ෂ පාර්ශ්වය සහ සමගි ජන බලවේගයේ ප්‍රබලයන් අතර සාකච්ඡාවක් සිදුව ඇති බව දැනගැනීමට තිබේ.

දැනට ඉඟුරු හිඟයට තාවකාලික විසඳුමක් ලෙස අමු ඉඟුරු මෙට්‍රික් ටොන් 3,000ක් ඉදිරි මාස තුන තුළදී ආනයනය කිරීමට අදාළව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග තැපැල් ඡන්දය සඳහා අයදුම්පත් කැඳවීමේ චක්‍රලේඛය මැතිවරණ කොමිසන් සභාව විසින් ප්‍රකාශයට පත් කර ඇත.

අද දින කාලගුණය

Published in පුවත්
Monday, 05 August 2024 09:28

කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව විසින් අද (05) උදෑසන 05.30 නිකුත්කරන ලද කාලගුණ අනාවැකිය අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකිය.  

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා හම්බන්තොට දිස්‌ත්‍රික්‌කය තුළ මහමැතිවරණයට ඉදිරිපත් වී තමන්ට ජයග්‍රහණය ලබා ගත නොහැකි බව තේරුම් ගෙන අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු කටයුතු සිදු කිරීමට තීරණය කර ඇති දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයන්ට ආරක්ෂාව ලබාදීමට ප්‍රථම ඔවුන්ට ඇති තර්ජන විශ්ලේෂණය කිරීම සඳහා සියලුම බුද්ධි ඒකකවලින් බුද්ධි වාර්තා කැඳවා ඇත.

අද (04) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබේ.

ld add copy

Latest News

Connet With Us