ටොපේ ටොප් විපක්ෂයක් හදා ගන්න සජිත් මහජන අදහස් ඉල්ලයි

Published in පුවත්
Thursday, 16 January 2025 09:31

පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ භූමිකාවේ ගුණාත්මක බව ඉහළට ගෙන ඒම සඳහා වෘත්තීය සමිති, සිවිල් සංවිධාන, වෘත්තීයවේදීන් සහ පොදු මහ ජනතාවගේ අදහස් ලබා ගැනීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නව පර්යේෂණ ඒකකයක් ඊයේ (ජන. 15) ආරම්භ කර තිබේ.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයට අනුබද්ධිත මාධ්‍ය සහ පර්යේෂණ ඒකකයක් ලෙස ස්ථාපිත කර ඇති අතර 0759570570 වට්ස්ඇප් අංකය සහ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. විද්‍යුත් ලිපිනය ඔස්සේ මහ ජනතාවට තොරතුරු ලබා දිය හැකි බවත් විපක්ෂ නායක කාර්යාලය පවසයි.

මෙවර 2025 අය-වැය ලේඛනය ඉදිරිපත් කිරීමේදී ප්‍රධාන විවාදය සහ කාරක සභා අවස්ථාවේදී සාධනීය තොරතුරු ලබා ගැනීම පර්යේෂණ ඒකකයේ මූලික අරමුණ බව එම කාර්යාලය පවසයි.

පාර්ලිමේන්තුව තුළ නිවැරැදි තොරතුරු මත විවාදවලට දායක වීමේ වැදගත් බව ත් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තුළ සහභාගිත්ව ක්‍රියාවලිය වැදගත් බව ත් මේ පිළිබඳව විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.

එසේ ම, අය-වැය විවාදයට සීමා නොවී පාර්ලිමේන්තු සැසිවාරවලට වෘත්තීය සමිතිවල අදහස් ලබාදීම තුළින් ජනතාවාදී විපක්ෂයක කාර්යභාරය ඉටුකළ හැකි බව විපක්ෂ නායකවරයා මතු කරයි.

පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ ගුණාත්මක බව ඉහළට ගෙන ඒම සඳහා වෘත්තීය සමිතිවල දායකත්වය අතිශයින්ම වැදගත් වන බව ඔහු පෙන්වා දෙයි.

එසේ ම ‘අය – වැය විවාදයේදී පුරවැසි ඔබේ අදහසට ඉඩක් දෙන්නට විපක්ෂයේ අපි සූදානම්’ මැයෙන් අය-වැය විවාදය පවත්වන අවස්ථාවේදී මහජන අදහස් ලබා ගැනීම සඳහා විපක්ෂ නායක කාර්යාලය මඟින් සමාජ මාධ්‍ය ජාලා යෙදවුම්වලට නියමු ව්‍යාපෘතියක් ද ආරම්භ කළ බව විපක්ෂ නායක කාර්යාලය වැඩිදුරට ත් පෙන්වා දෙයි.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us