නිදහසේ 77 වන වසර සැමරුම, කොළඹ නිදහස් චතුරස්‍රරයේ දීම පැවැත්වේ

Published in පුවත්
Thursday, 16 January 2025 09:38

"ජාතික පුනරුදයක් සඳහා අපි එක් වෙමු" යන තේමාව යටතේ 77 වන නිදහස් දින සැමරුම පැවැත්වෙන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

මෙම වසරේ, ජාතික අභිමානය පිළිබිඹු කරන සහ වියදම් අවම කරන ගෞරවනීය ආකාරයකින් නිදහස් දිනය සැමරීමට රජය තීරණය කර ඇත.

1948 දී මෙරටට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස් ලැබීම සංඛේතවත් කරමින් ඉදිකර තිබෙන කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී මෙම උත්සවය පැවැත්වීමට නියමිත අතර, මහජනතාවට ද සැමරුම් නැරඹීමට හැකි වනු ඇත.

ආරාධිතයින් 1,600 කට අධික සංඛ්‍යාවක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන අතර, උත්සවය උපරිම වශයෙන් පැය එකහමාරකින් අවසන් කිරීමට රජය සැලසුම් කරයි.

ත්‍රිවිධ හමුදාව සහ රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව නිදහස් දින සැමරුම සඳහා මූලික සූදානම් කිරීම් දැනටමත් ආරම්භ කර ඇත.
--

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us