රෝහල් කැන්ටිමේ බත් පාර්සලයෙන් තැම්බුණු හූනෙක් මතුවෙයි Featured

Published in පුවත්
Thursday, 16 January 2025 10:02

නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටි රෝගියකු රෝහල් ආපනශාලාවෙන් ලබාගත් කෑම පාර්සලයේ හූනෙකු තැම්බී සිටියදී හමුවී තිබේ.

රෝහලේ 2 වාට්ටුවේ සිටි රෝගියකු ඊයේ (15 වැනිදා) උදෑසන එහි ආපන ශාලාවට ගොස් බත් එකක් රැගෙන අනුභව කරමින් සිටියදී මෙම තැම්බුණු හූනා දැක තිබේ.

එම රෝගියා ඒ පිළිබඳ රෝහල් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පැමිණිලි කර ඇති අතර රෝහල් අධ්‍යක්ෂ ජානක සෝමරත්නටද සිද්ධිය වාර්තා කර තිබේ.

මේ වන විට රෝහලේ කාර්ය මණ්ඩලය හා රෝගීන් විශාල ප්‍රමාණයක් මෙම ආහාර අනුභව කර ඇති බවද හෙළි වී තිබූ අතර සිද්ධිය පිළිබඳව රෝහල් මහජන සෞඛ්‍ය පරීක්ෂක ටී.බී.අයි.වෑකඩපොළගෙන් විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ මෙම සිද්ධිය පිළිබඳ තමාට කිසිවක් කිව නොහැකි බවය.

නාවලපිටිය මහජන සෞඛ්‍ය පරික්ෂක නුවන් කැකුළන්දරද මෙම සිද්ධිය පරීක්ෂා කර ඇති අතර රෝහල් අධ්‍යක්ෂවරයාගෙන් මේ පිළිබඳව විමසීමට රෝහල් දුරකථන හුවමාරුව වෙත ගනු ලැබූවද එම ස්ථානයෙන් අධ්‍යක්ෂවරයා වෙත එම ඇමතුම ලබාදිය නොහැකි බව පැවසීය.

පසුව රෝහල් අධ්‍යක්ෂවරයාගේ ජංගම දුරකථනයට ඇමතුම් ගනු ලැබූවද ඒ සඳහා ප්‍රතිචාර නොලැබිණි.

 

- අරුණ 

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us