විවිධ අපරාධ කර මෙරටින් පලා ගිය පාතාල ක්‍රියාකාරීන් හතළිහකට ආසන්න පිරිසක් ඩුබායිහි සහ ප්‍රංශයේ මහල් නිවාස හතරක සිටින බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග වලින් පැවසේ.

අද(17) දින මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීමට‍ නියමිතයි. 

විදුලි බිල අඩුකිරීමේ සහනය අගෝස්තු මාසයේ සිට පාරිභෝගිකයන්ට හිමිවන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු  පවසා තිබේ. 

සියලුම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට නවක සිසුන් බඳවා ගැනෙන හෙට (18) දිනයේ යුධ හමුදා ආරක්ෂාව ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්නගෙන් ඊයේ (16) දින ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිදු කරන ලද වෙඩි තැබීමකින් හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික නිරෝෂන් මරණයට පත්වී තිබෙ.

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා 2024 වසරේ පෙබරවාරි මස පළමුවැනිදා සිට මැයි 31 වැනිදා දක්වා වයස අවුරුදු 18 සම්පූර්ණ වූ 76,000 කට අවස්ථාව හිමිවී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසා සිටියි.

අනුරාධපුර සහ කන්තලේ අතර රික්ටර් මාපකයේ ඒකක 2.7ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් ඊයේ දින (16) පස්වරු 5.00 ට පමණ සිදු වුණි.

අතුරුගිරියේදී වෙඩි ප්‍රහාරයට ලක්වූ 'ක්ලබ් වසන්තගේ' බිරිඳ 'මැණික් විජේවර්ධන'ගේ සෞඛ්‍ය තත්ත්වය එතරම් යහපත් නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසා සිටියි.

ld add copy

Connet With Us