පරීක්ෂාවකින් තොරව බහලුම් නිදහස් කිරීම ගැන පරීක්ෂණයක් - කම්කරු අමාත්‍ය

Published in පුවත්
Thursday, 23 January 2025 09:05

පරීක්ෂාවකින් තොරව වරායේ බහලුම් නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව කම්කරු ඇමැති සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත පාර්ලිමේන්තුවේ දී ඊයේ (22 වැනිදා) පැවැසීය.

එම සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රිවරු මතු කළ කරුණුවලට ප්‍රතිචාර දක්වමින් මේ බව කී ඇමැතිවරයා මෙසේද කීවේය.

‘‘බහාලුම් තුන්සිය විසි තුනක් නිදහස් කළා කියලා කිව්වා. මේ ගැන වැරදි මතයක් හදන්න උත්සාහ කළා. ඔව් නිදහස් කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් වෘත්තීය සමිති නිවේදන නිකුත් කළාට පසුව ක්ෂණිකවම කළේ වෘත්තීය සමිති සමග ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වීමයි. මමත් ඒ සාකච්ඡාවේ හිටියා. පළමු කොටම කිව්වෙ එවැනි දෙයක් වෙලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවට සහතික වුණා. ඒ වගේම අපි රේගු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියා නිශ්කාෂණ කටයුතුවලට මැදිහත් වන ලෙස. ඒ අනුව අපි ඒ ප්‍රශ්නය විසඳුවා. ඒත් එක්කම මේ බහලුම් නිදහස් කිරීමට කලිනුත් රේගු නිලධාරීන් තමන්ගේ ක්‍රමවේද අනුව වෙනත් බහලුම් නිදහස් කරලා තියෙනවා. දත්ත ලෙස ඉදිරිපත් කරනවා නම් 2024 ජූලි මාසෙ 25 වැනිදා බහලුම් 584ක් නිදහස් කරලා තියෙනවා. මේ නිදහස් කළ 323 නිදහස් කරලා තියෙන්නෙ තදබදය නැති කිරීම සඳහා කියලයි කියන්නෙ.’’

 

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us