දිස්ත්‍රික් 8කට නිකුත් කළ නායයාම් අනතුරු ඇඟවීමේ තවදුරටත් දීර්ඝ කරයි - වැසිත් වැඩිවේ
නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ.
සපුගස්කන්ද තෙල් පිරිපහදුව ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් වෙන්ව පොදු ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමේ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මේ වන විට අනුමත කර තිබේ.
ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් පීඩා විඳි සියල්ලන්ට DAVID CAMERON ගෙන් පොරොන්දුවක්
බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා, මෙරට සිවිල් යුද්ධය අවසන් වී වසර 15 ගත වීම නිමිත්තෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, ශ්‍රි ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වී වසර 15ක් ගෙවී ඇතත් එම ගැටුම් වලින් මියගිය සහ අතුරුදහන්වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් අදටත් තම ආදරණීයයන්ට සිදුවූයේ කුමක්දැයි යන්න පිළිබඳව පිළිතුරු සොයන බවයි.
මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාව විසින් තරයේ ප්‍රතික්ෂේප කරයි
බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කර ඇත.
වනාන්තර විනාශ නොකර රබර් වගා කිරීම ගැන යුරෝපා සංගමයේ ඇගයීමට
වනාන්තර විනාශ නොකර රබර් වගා කිරීම සඳහා තම නිර්දේශ ශ්‍රී ලංකා රජය සාර්ථකව ක්‍රියාත්මක කිරීම පිළිබඳ යුරෝපා සංගමයේ ඇගයීමට ලක් කරයි.
අද දහවල් 12.00න් පසු නැවත දැනුම්දෙන තුරු කුඩා යාත්‍රා ධීවර කටයුතු සඳහා යොමුවීමෙන් වළකින ලෙස ධීවර දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.
ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවට සමගාමීව පැවැත්වුණු ඉහළ පෙළේ රැස්වීමකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ලොව ධනවත්ම ව්‍යාපාරිකයකු වන ඊලෝන් මස්ක් හමුවයි.
තාවකාලිකව අත්හිටුවන ලද 'සුරක්ෂා' සිසු රක්ෂණාවරණය යළි ආරම්භ කරයි
ආර්ථික ගැටළුකාරී තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවන ලද "සුරක්ෂා" සිසු රක්ෂණාවරණය යළි ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දී තිබේ.