එක්සත්‌ ජාතික පක්ෂය සමඟ මෙතෙක්‌ පැවති සාකච්ඡා අති සාර්ථක බවත්‌ ඒ අනුව ඉදිරි මැතිවරණ සඳහා පක්ෂ දෙක එක්ව තරඟ කරන බවත්‌ සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසීය.

නව අමෙරිකානු පරිපාලනය විසින් පිටුවහල් කිරීමට නියමිත නීතිවිරෝධී ලෙස රැඳී සිටින විදේශිකයන් අතර ශ්‍රී ලාංකිකයින් 3065 දෙනෙකු සිටින බව එරට සංක්‍රමණික සහ රේගු බලාධිකාරිය නිවේදනය කර ඇත.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති එන්.බී.එම් රණතුංග ඉල්ලා  අස්වී තිබේ.

ලෝක විවාහක රූ රැජින 2025 තරගාවලියේ දෙවන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලාංකාව සමත් වී තිබෙනවා.

“සුවසැරිය” ගිලන්රථ සේවාව තවදුරටත් පුළුල් සේවාවක් ලෙස ප්‍රවර්ධනය කිරීමටත්, එම සේවාවේ පවතින ගැටළු වලට කඩිනම් විසඳුම් ලබාදෙමින් කාර්යක්ෂම සේවාවක් ලෙස ඉදිරියටත් පවත්වාගෙන යාම සඳහා නව සැලැස්මක් යටතේ ක්‍රියාකරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසා ඇත.

කොළඹ නගරය ඇතුළු ප්‍රදේශ රැසකට පැවති වායු දූෂණ තත්ත්වය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇතැයි ජාතික ගොඩනැගිලි සංවිධානය පවසනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (31) දිනයේ යාපනය දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.

අද දවසේත් වැස්ස

Published in පුවත්
Friday, 31 January 2025 09:41

අද (31) දිනයේ ඌව පළාතෙත් මඩකලපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම නිවේදනය මගින් ඒ බව සඳහන් කරයි.

ld add copy

Connet With Us