ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවට සපයනු ලබන සේවාවන් සඳහා සංශෝධිත ගාස්තු ව්‍යුහයක් නිකුත් කර තිබෙනවා.

හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නෝර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ මෝටර් රථයක ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන් හොං අතර විශේෂ හමුවක් කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේදී පවත්වා තිබේ.

රාජ්‍ය බැංකු පෞද්ගලීකරණය කිරීමේ වැඩපිළිවෙළට එරෙහිව සහ තවත් ගැටලු‍ කිහිපයක් මත අද විරෝධතාවයක නිරත වන බව රාජ්‍ය බැංකු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

රජයේ හා රජයේ ආධාර ලබන පාසල් සිසුන් 4,418,404ක් සඳහා 2026 වර්ෂයට නියමිත සමස්ත නිල ඇඳුම් ප්‍රමාණයම ප්‍රදානයක් ලෙස ලබාදීමට චීන රජයේ එකඟ වී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂගේ විවාහ උත්සවයේදී භාවිතා කරන ලද විදුලිය වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් මිලියන 2කට අධික මුදලක් නිසි වේලාවට ලංකා විදුලිබල මණ්ඩලයට නොගෙවීම තුළින් මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා නීතිඥවරයෙකු විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (11) අවසර ලබා දුන්නේය.

2025 වර්ෂයේ සිට පාසල්වල 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම (5 සහ 6 ශ්‍රේණි හැර) සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 27/2025 චක්‍රලේඛය නිකුත් කර ඇත.

එම චක්‍රලේඛය ප්‍රකාරව 2025 අධ්‍යයන වර්ෂයේ ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවල පවතින පුරප්පාඩු සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම සිදු කරනු ලබන බව සඳහන් වේ.

ඒ අනුව, 2025.06.30 දිනට ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවල පවත්නා පුරප්පාඩු මේ සමග අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කෙරේ.

එම පුරප්පාඩු සඳහා අයදුම් කිරීමට අපේක්ෂා කරන සියලු ම අයදුම්කරුවන් 27/2025 චක්‍රලේඛයෙහි සඳහන් අයදුම්පත්‍රය සම්පූර්ණ කර 2025.09.26 දිනට පෙර සියලු අතිරේක ලේඛන ද සමග අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත ලියාපදිංචි තැපෑල මඟින් යොමු කළ යුතුය

අදත් වැස්ස

Published in පුවත්
Friday, 12 September 2025 07:09

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (12) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.

ld add copy

Connet With Us