‍මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබද ජාතික සතිය අද සිට ක්‍රියාත්මකයි

Published in පුවත්
Tuesday, 14 July 2026 09:29

මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබද ජාතික සතිය අද (14) සිට ක්‍රියාත්මක කරන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය පවසයි.

'විකසිත වන ළමා ලොවට - හිරු කිරණකි සතුට පවුල' යන තේමාව යටතේ අද සිට ලබන 20 වන දින දක්වා මෙම ජාතික සතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ශාරීරික, මනෝ-සමාජීය හා බුද්ධිමය සංවර්ධනයෙන් යුතු ශ්‍රී ලාංකීය මුල් ළමාවිය දරු පරපුරක් බිහි කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

මෙම සතියට සමගාමීව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය විසින් මුළු දිවයින පුරාම ආවරණය වන පරිදි විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සදහන් කර සිටියාය.

එමෙන්ම මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳව දැනුමැති ප්‍රජාවක් ඇති කිරීම සහ ඊට අදාළ ගුණාත්මක සේවාවන් ලබාගැනීමේ වැදගත්කම සමාජයට පැහැදිලි කර දීම මෙම වැඩසටනෙහි ප්‍රධාන අරමුණක් වන බවද ඇය වැඩිදුරටත් පැවසීය.

එහිදී අදහස් දැක්වූ මාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය,

"ශාරීරික, මනෝ-සමාජීය හා බුද්ධිමය සංවර්ධනයෙන් යුතු ශ්‍රී ලාංකීය මුල් ළමාවිය දරු පරපුරක් බිහි කිරීමේ අරමුණෙන් මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය සඳහා වැඩසටහන් 14 වනදා සිට 20 වනදා දක්වා වූ සතිය තුළ ක්‍රියාත්මක වෙනවා.'විකසිත වන ළමා ලොවට හිරු කිරණකි සොඳුරු පවුල' කියන තේමාව පදනම් කරගෙන අපි මෙන්න මේ මුල් ළමාවිය සංවර්ධනය හා රැකවරණය පිළිබඳව ජාතික සතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරලා තිබෙනවා.

මේකෙදි අපි බලාපොරොත්තු වෙන ප්‍රධාන අරමුණු අතර, මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳව දැනුමැති ප්‍රජාවක් ඇති කිරීම. ඒ වගේම මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය සම්බන්ධිත ගුණාත්මක සේවාවන් ලබාගැනීමේ අවශ්‍යතාවය හා වැදගත්කම සැලකිල්ලට ලක් කරන්න ඕනේ. විශේෂයෙන්ම දෙමාපියන්ට, ප්‍රජාවට අපි දැනුවත් කරන්න ඕනේ 'ඔබේ දරුවා වෙනුවෙන් ඔබ අවදි වන්න' කියන එක."

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us