ලොව විශිෂ්ටතම ආහාර ගමනාන්ත 50 අතරට ශ්‍රී ලංකාවත්

Published in පුවත්
Tuesday, 14 July 2026 09:21

Travel And Tour World (TTW) ආයතනය විසින් 2026 වසර සඳහා ප්‍රකාශයට පත් කරන ලද ලොව විශිෂ්ටතම ආහාර ගමනාන්ත 50 අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් කර තිබේ.

එම ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය මෙක්සිකෝවට, දෙවැනි ස්ථානය ඉතාලියට, තෙවැනි ස්ථානය ස්පාඤ්ඤයට සහ 50 වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව ඇත.

ආහාර සංස්කෘතික උරුමය, ප්‍රාදේශීය ආහාර විවිධත්වය, වීදි ආහාර සංස්කෘතිය, දේශීය අමුද්‍රව්‍ය භාවිතය, උසස් මට්ටමේ ආහාරපාන, තිරසාරත්වය සහ සංචාරකයන්ට හිමිවන සුවිශේෂී ආහාර අත්දැකීම් ඇතුළු කරුණු පදනම් කර ගනිමින් මෙම ශ්‍රේණිගත කිරීම සකස් කර ඇති බව Travel And Tour World ආයතනය සඳහන් කරයි.

ඒ අනුව යුරෝපය, ආසියා-පැසිෆික් කලාපය, අමෙරිකානු හා කැරිබියානු, අප්‍රිකාව සහ මැද පෙරදිග ඇතුළු කලාපවල ප්‍රමුඛ ආහාර සංචාරක ගමනාන්ත රැසක් ද මෙවර Top 50 ලැයිස්තුවට ඇතුළත්ව තිබේ.

සුවඳැති කුළුබඩු, දේශීය අමුද්‍රව්‍ය සහ විවිධ සංස්කෘතික ආහාර සම්ප්‍රදායන් හේතුවෙන් ශ්‍රී ලංකාව සංචාරකයින්ට සුවිශේෂී ආහාර අත්දැකීමක් ලබාදෙන රටක් බව එහි සඳහන් වේ.

වීදි ආහාරවල සිට වෙරළබඩ ආපනශාලා දක්වා විවිධ ආහාර රසවිඳීමේ අවස්ථා ශ්‍රී ලංකාව තුළ පවතින බවද Travel And Tour World වාර්තාව මඟින් පෙන්වා දී තිබේ.

මේ අතර ශ්‍රී ලංකාවේ ආහාර සඳහා හොඳම ස්ථාන 10ක් ද අදාළ වාර්තාවට ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.

ඒ අනුව, කොළඹ, ගාල්ල, මහනුවර, මීගමුව, ඇල්ල, යාපනය, මිරිස්ස, නුවරඑළිය, හික්කඩුව සහ ත්‍රිකුණාමලය ආහාර සඳහා හොඳම ස්ථාන ලෙස නම්කර ඇත.

කොළඹ බත් සහ ව්‍යංජන, කොත්තු රොටි, ආප්ප සහ නැවුම් මුහුදු ආහාර සඳහා ප්‍රසිද්ධියක් උසුලන අතර, ගාල්ල සහ මීගමුව මුහුදු ආහාර රස බැලීමට සුදුසුම ගමනාන්තය ලෙස වාර්තාවේ සඳහන්ය.

මහනුවර සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික ආහාර සඳහාත්, යාපනය සුවිශේෂී දෙමළ ආහාර රස සඳහාත් ප්‍රසිද්ධියක් උසුලන බව අදාළ වාර්තාවේ දැක්වේ.

එමෙන්ම, ඇල්ල දේශීය අමුද්‍රව්‍ය යොදා ගත් ආහාර සඳහාත්, නුවරඑළිය තේ ආශ්‍රිත ආහාර සහ පැණිරස කෑම සඳහාත්, මිරිස්ස, හික්කඩුව සහ ත්‍රිකුණාමලය වෙරළබඩ නැවුම් මුහුදු ආහාර සඳහාත් කැපී පෙනෙන ආහාර සංචාරක ගමනාන්ත ලෙස වාර්තාවේ සඳහන් කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us