ඉදිරි මාස කීපයේදී පුරෝකථනවලට අනුව වැසි රටාවේ වෙනස්වීම් හේතුවෙන් වර්ෂාව ලැබීම පිළිබඳව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවත් ඊට මුහුණදීම සඳහා ජලාශවලින් වගාවට, පානීය ජලය සහ වෙනත් දෛනික ජල අවශ්‍යතාවන් වෙනුවෙන් ජල පරිහරණයේදී ජනතාව වඩාත් අවධානය යොමු කළ යුතු බවත් අධ්‍යක්ෂවරයා ඉල්ලා සිටිති.
වගා කටයුතු අවසන් වෙමින් පවතින බැවින් යල කන්නයේ වගාවට ජලය ප්‍රමාණවත් බවත් ජලාශවල පවතින ජලධාරිතාව සහ පානීය ජල අවශ්‍යතාව සැලකිල්ලට ගෙන ව්‍යාපාර කමිටු තීරණ අනුව අතරමැදි කන්නයේ වගාවට ජලය නිකුත් කිරීමට දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී තිබෙන බව පැවැසීය.
ඒල් - නිනෝ පුරෝකථන වෙනස්විය හැකි බැවින් ජලාශවල ගබඩා කරගෙන ඇති ජලය උපරිම ලෙස කළමනාකරණය කර ගනිමින් පාවිච්චි කිරීමට ජනතාව උනන්දු විය යුතු බවත් පවතින අධික උෂ්ණත්වයේ බලපෑමෙන් ජලය වාෂ්පීකරණය වීමද සැලකිල්ලට ගතයුතු බව අවධාරණය කෙරේ.
කෙසේ වෙතත් මේ වනවිට ජලාශ 80 හි පවතින ජලධාරිතාවය පානීය ජල අවශ්‍යතාවය සඳහා ප්‍රමාණවත් නමුත් ඉදිරි ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී පුරෝකථන අනුව වර්ෂාපතනය නොලැබුණ හොත් වගාවට සහ පානීය අවශ්‍යතාවය කෙරෙහි ජල හිඟයක් ඇතිවීමේ අවදානමක් උදාවනු ඇති බව දෙපාර්තමේන්තුව කියයි.
අවදානමට මුහුණදීමට පෙර සූදානමක් ලෙස පානීය, දෛනික අවශ්‍යතාවයන් සහ අත්‍යවශ්‍යම දෑ සඳහාම පමණක් ජලය පාවිච්චි කිරීමට කෙරෙහි ජනතාවගේ දැඩි අවධානය යොමු කළ යුතු බවත් ජලාශවලට ජලය සැපයෙන ජල මූලාශ්‍ර ජලධාරිතාවය කෙරෙහි දෙපාර්තමේන්තුවේ දැඩි අවධානය යොමුවී තිබෙන බවද පැවැසීය.

