බිම්මල් වගාවන් සඳහා නව රක්ෂණ යෝජනා ක්‍රමයක්

Published in පුවත්
Wednesday, 15 July 2026 09:36

බිම්මල් වගාවන් සඳහා නව රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සැලසුම් කර තිබේ.

මෙම රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ වගා මළු ඒකක 250කින් සමන්විත බිම් මල් ගෘහයක් මාස තුනක කාලයක් සඳහා රක්ෂණය කිරීම සඳහා ගෙවිය යුතු වාරිකය රුපියල් 2,025ක් පමණ වේ.

එමෙන්ම, රෝග හෝ කෘමි උවදුරු හේතුවෙන් ස්ථාපිත බිම්මල් වගාවකට හානි සිදුවුවහොත් රුපියල් 22,500ක රක්ෂණ වන්දියක් ගෙවීමට ද මෙම යෝජනා ක්‍රමය යටතේ කටයුතු යොදා ඇත.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශ අනුව බිම්මල් වගා කරන ගොවි මහත්ම මහත්මීන්ට මෙම රක්ෂණාවරණය ලබාගැනීමේ හැකියාව පවතින අතර, වගාවට සිදුවිය හැකි අනපේක්ෂිත හානිවලින් ආරක්ෂාවක් ලබාදීම මෙහි ප්‍රධාන අරමුණ වේ.

බිම් මල් වගාව ජනප්‍රිය කිරීමේ අරමුණින්, මෙම වැඩසටහන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කෙරේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us