එක්සත් රාජධානියේ දරුවන්ට එරට රජය ගෙනා අලුත් නීතිය මෙන්න

Published in පුවත්
Wednesday, 15 July 2026 09:46

වයස අවුරුදු 16 සහ 17 අතර යෞවනයන් සඳහා රාත්‍රී කාලයේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කරන නව නීතියක් හඳුන්වා දීමට එක්සත් රාජධානියේ රජය තීරණය කර තිබේ.

මෙම නව පියවර යටතේ, නියමිත රාත්‍රී කාලයේ සිට උදෑසන 6 දක්වා වයස අවුරුදු 16 සහ 17 අතර දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමට සැලසුම් කර ඇති අතර, එහි විස්තර ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මේ අතර, පසුගිය මාසයේදී එක්සත් රාජධානිය වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා Snapchat, TikTok, YouTube, Instagram සහ Facebook ඇතුළු සමාජ මාධ්‍ය වේදිකා භාවිතය තහනම් කිරීමට ද තීරණය කළේය.

එම නීති 2027 වසරේ මුල් භාගයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම පියවර ගෙන ඇත්තේ දරුවන්ගේ මානසික සෞඛ්‍යය ආරක්ෂා කිරීම, අන්තර්ජාලයට ඇබ්බැහි වීම අවම කිරීම සහ සමාජ මාධ්‍යවල අහිතකර බලපෑම් පාලනය කිරීමේ අරමුණෙනි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us