මෙරට සංචාරක කර්මාන්තයෙන් උපයා ගන්නා ලද ආදායම පසුගිය වසරේ මුල් මාස 6ට සාපේක්ෂව යම් පහළ යෑමක් පෙන්නුම් කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී තිබේ.

ලෝකයේ වැඩිම මාර්ග තදබදයක් ඇති රටවල් අතර ශ්‍රී ලංකාව තෙවන ස්ථානයට පත්ව තිබේ.

දිස්ත්‍රික් මට්ටමින් පවතින ගැටලු නිරාකරණය කරමින් මහජන සේවාව වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී කිරීමේ අරමුණින් දිවයිනේ සියලු ම දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවති සමුළුව සාර්ථකව නිමාවට පත්ව තිබේ.

රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ශික මංගල්‍ය නිමිත්තෙන් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් කතරගම කේන්ද්‍රගතව විශේෂ බස් සේවාවක් ආරම්භ කර තිබේ.

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් අත්සන් කර තිබේ.

මීගමුව බන්ධනාගාරයේ හටගත් ගැටුම අතරතුර දොරටුව බිඳගෙන රැඳවියන් පිටතට පැමිණීම වැළැක්වීම සඳහා වෙඩිතැබූ බන්ධනාගාර නිලධාරියාට කළහකාරීව හැසිරුණු රැඳවියන් විසින් මරණ තර්ජන සිදුකර ඇතැයි වාර්තා වෙයි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (10) දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රවීණ ගායන ශිල්පීනී මරියසෙල් ගුණතිලක මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

ld add copy

Connet With Us