මෙරට මුඛ පිළිකා රෝගීන් සීග්‍රයෙන් ඉහලට

Published in පුවත්
Thursday, 16 July 2026 09:21

2022 දත්ත වාර්තාවලට අනුව මෙරට මුඛ පිළිකා රෝගීන් 3800 ක් මේ වන විට හඳුනාගෙන ඇති බවත්, ඒ අයගෙන් 3000 ක්ම පිරිමි අයවලුන් බවත් ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා දත්ත විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ජයසේකර සඳහන් කරයි.

ලෝක පිළිකා දිනය ජූලි 27 වැනිදාට යෙදී ඇති අතර ඊට සමගාමීව පිළිකාවෙන් තොර හෙටක් සඳහා පෙළ ගැසෙමු’’ මැයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (15 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

මේ වන විට මුඛ පිළිකා රෝගීන් මීට වඩා වැඩි බවද ඔහු කියයි. මීට පෙරාතුව මුඛ පිළිකාවලට ගොදුරු වූයේ මෙරට වැඩිහිටි අය වුවත් මේ වන විට තත්ත්වය වෙනස් වී වයස අවුරුදු 20ත් - 30 ත් අතර තරුණ පිරිස් මුඛ පිළිකා රෝගයට ගොදුරුවීමේ නරක ප්‍රවණතාවක් මතුව ඇතැයිද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ ය.

විශේෂයෙන්ම පාසල් දරුවන් අතර බාවා, තූල් සහ පැකට් කළ පුවක් ඉතා ජනප්‍රියව පැතිර යමින් තිබෙන බව මේ දිනවල කරන මුඛ සෞඛ්‍ය සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි ද මෙයාකාරයට පාසල් දරුවන් පිළිකා කාරක පුවක් කෑමට යොමුවීම නිසා අනාගත දරු පරපුරට වන දේ පිළිබඳ සිතාගත නොහැකි යැයිද ඔහු හෙළි කරයි.

මුඛ පිළිකාවට ප්‍රධාන හේතුව වන්නේ බුලත් විට, මත්පැන්, සිගරැට් ආදිය බව තහවුරු වී ඇතැයිද විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියි.

දුම්කොළවල පිළිකා කාරක 28 ක් අඩංගු බවට පර්යේෂණ මගින් හෙළිකරගෙන ඇතැයිද පුවක්වල පිළිකා කාරක 4 ක් අඩංගු බවද ඔහු පවසයි. විශේෂයෙන්ම කම්කරුවන්, වතු කම්කරුවන්, ධීවරයන්, පෙදරේරු සහ මේසන් බාස්වරු යන අය වැඩි වශයෙන් මුඛ පිළිකාවලට ගොදුරුවන බවද විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ජයසේකර පවසයි.

මෙම මාධ්‍ය හමුවට එක් වූ ශ්‍රී ලංකා ජාතික දන්ත රෝහලේ මුඛ හා හනුක විශේෂඥ ශල්‍ය වෛද්‍ය තනූජා පතිරාජ සඳහන් කළේ මුඛ පිළිකා කල් තියා හඳුනාගත හැකි දෙයක් බවත්, මුඛයේ රතු ලප, සුදු ලප මතු වී ඇත්නම් වහාම වෛද්‍ය සාහනවලට යාමෙන් පිළිකාව පැතිර යෑමට පෙර සුවපත් කරගත හැකි බවත්ය. එහෙත් මුඛ පිලිකා වැලඳුණ අය සායනවලට එන්නේ බොහෝ ප්‍රමාද වී බවද විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළාය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us