ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ නියුමෝනියා රෝගී තත්ත්වයකින් පීඩා විඳිමින් සිටින බවට වතිකානය අනාවරණ කර තිබේ.

මිනිස් සිරුරට දැනෙන උණුසුම අද (19) දිනයේත් "අවධානය යොමු කළ යුතු" මට්ටමක පවතින බවට අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පාන් රාත්තලක මිල රුපියල් 10කින් අඩු කිරීමට බේකරි නිෂ්පාදකයින් එකඟතාව පළ කළ බව වෙළෙඳ අමාත්‍යංශය පවසයි.

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල අද (18) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත දෙවනවර කියවීම අද (17) පාර්ලිමේන්තුවේදී විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත විය.

සති අන්ත නිවාඩුවත් සමග ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට ලක්ෂ දෙකකට ආසන්න වන්දනාකරුවන් පිරිසක් පැමිණි බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.ඒ.පී.එස්. වීරසේකර කියා සිටියේය.

පවතින දැඩි හිරු රශ්මිය මිනිස් සිරුරට අහිතකර බැවින් මේ දිනවල පාසල්වල පැවැත්වෙන නිවාසාන්තර මළල ක්‍රීඩා උත්සව සඳහා සහභාගී වන දරුවන් පිරිසුදු පානීය ජලය ප්‍රමාණවත් තරම් භාවිතයට ගන්නා ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දෙයි.

පෙරවරු 10.30ට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2025 වර්ෂය සඳහා වන රජයේ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ld add copy

Latest News

දෙවන බොරතෙල් නෞකාව අද දිවයිනට

දෙවන බොරතෙල් නෞකාව අද දිවයිනට

දෙවන බොරතෙල් නෞකාව අද (26) පස්වරුවේ මෙරටට ළඟා වීමට නියමිත බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පවසනවා...

Connet With Us