ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන නීතිගත කරන්නැයි ඉල්ලා පෙත්සමක්

Published in පුවත්
Wednesday, 22 October 2025 09:30

ආයුර්වේද සම්බාහන ප්‍රතිකර්ම මධ්‍යස්ථාන නීතිගත කිරීමේ පනත් කෙටුම්පත කඩිනමින් සකස් කිරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ලංකා සම්බාහන අයිතිකරුවන්ගේ සංගමය විසින් අභියාචනාධිකරණය රිට් පෙත්සමක් ගොනුකර තිබේ.

එහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා, ආයුර්වේද කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ තමන් බලපත්‍රලාභී ආයුර්වේද සම්බාහන (ස්පා) ආයතන පවත්වාගෙන යන්නන්ගෙන් සමන්විත සංගමයක් බවය.

තමන් විසින් පවත්වාගෙන යන සෑම සම්බාහන මධ්‍යස්ථානයකම සුදුසුකම්ලත් ආයුර්වේද වෛද්‍යවරයෙකු හා සුදුසුකම්ලත් තෙරපිවරුන් හා තෙරපිවරියන් සිටින බවත් පෙත්සමෙන් සඳහන් කර තිබේ.

2019 වසරින් පසුව මෙවැනි සම්භාහන ආයතන පවත්වාගෙන යෑම සඳහා බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවා ඇති බවත් මේ හේතුවෙන් සිය රැකියා කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වි තිබෙන බවත් පෙත්සමේ සඳහන් වෙයි.

මේ හේතුවෙන් පොලීසිය වරින් වර සිය සම්බාහන මධ්‍යස්ථානවලට කඩා වැදී මැදිහත්වීම් සිදුකිරීම නිසා සිය වෘත්තිය නිදහසේ කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙන බවත් පෙත්සමෙන් සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් මෙවැනි සම්බාහන ආයතන නියාමනය කිරීම සඳහා රජය විසින් පනත් කෙටුම්පතක් සකස් කිරීමට සූදානම් වන බවට තොරතුරු ලැබී තිබෙන බවත් ඔවුන් පෙන්වා දෙයි.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පත කඩිනමින් සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් වැඩිදුරටත් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us