පොලිසියෙන් මාධ්‍ය වලට අනතුරු හැඟවීමක් ! Featured

Published in පුවත්
Wednesday, 22 October 2025 17:06

සත්‍යයෙන් තොර, තහවුරු නොකරන ලද තොරතුරු සංස්කරණය කරන ලද හෝ නොකරන ලද ඡායාරූප හෝ වීඩියෝ දර්ශන ප්‍රචාරය කිරීමේදී මාධ්‍ය ප්‍රධානීන් සහ පුද්ගලයින් වගකීම් දරනු ඇති අතර එවන් අවස්ථාවලදී අගතියට පත් පාර්ශ්වයන් විසින් ගරු අධිකරණය තුලදී ප්‍රශ්ණ ගත ලෙස විමසීමකදී එම ආයතන හා පුද්ගලයින් වගකීමකට යටත් වන බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ශ්‍රී ලංකා පොලිසියේ සම්පූර්ණ නිවේදනය​

 

තහවුරු නොකරන ලද විමර්ශන තත්ත්වයේ පවතින සහ අධිකරණ වල විභාග වන නඩු කටයුතු වලට අදාළ වන ඡායාරූප හා වීඩියෝ දර්ශන විද්‍යුත්, මුද්‍රිත මාධ්‍ය වල මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීම සම්බන්ධව.

අධිකරණයේ විභාග වන නඩු, ඉදිරියේදී අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිත නඩු, එලෙසම තහවුරු නොකරන ලද හා විමර්ශන තත්ත්වයේ පවතින කටයුතු වලට අදාල වන ඡායාරූප, වීඩියෝ හෝ සංස්කරණය කරන ලද හෝ නොකරන ලද දර්ශන හා AI තාක්ෂණයෙන් සංස්කරණය කරන ලද හෝ නොකරන ලද දර්ශන විවිධ මාධ්‍යයන් ඔස්සේ සංසරණය වන බව පෙනේ. මෙම දර්ශන මත්ද්‍රව්‍ය වැටලීම්, ඇතැම් අපරාධ වලට සම්බන්ධ විමර්ශන කටයුතු, ආන්දෝලනාත්මක සිද්ධීන් ආදිය සම්බන්ධව බවද නිරීක්ෂණය වේ.

මෙම ඡායාරූප, වීඩියෝ දර්ශන, එමෙන්ම සංස්කරණය කරන ලද හෝ නොකරන ලද AI දර්ශන අධිකරණයේ නඩු කටයුතු පවත්වාගෙන යන අවස්ථාවන් වලදී එකී විමර්ශනයන් වලදී වින්දිතයන්ට හා සාක්ෂිකරුවන්ට විවිධ බලපෑම් වලට මෙන්ම අගතිදායක තත්ත්වයන්ටද මුහුණ දීමට සිදු වන බවද පෙනී යයි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ ආයතන සංග්‍රහයට අනුව මාධ්‍ය වලට ප්‍රවෘත්ති සැපයීමේ සීමා සඳහන්ව ඇති අතර ඒ අනුව අමාත්‍යාංශ ලේකම්, දෙපාර්තමේන්තු ප්‍රධානියෙකුට හෝ එම ප්‍රධානියාගේ අභිමතය පරිදි පත් කරන යම් නිලධාරියෙකුට පමණක් මාධ්‍ය වෙත තොරතුරු සැපයිය හැකිය. ඒ අනුව ඉහත සිදුවීම් වලට අදාළ සත්‍ය හා නිවැරදි තහවුරු කර ගන්නා ලද තොරතුරු ඇතුලත් ඡායාරූප හා වීඩියෝ දර්ශන පොලිස් මාධ්‍ය කොට්ඨාසය මඟින් පමණක් සියළුම මාධ්‍ය වෙත මුදා හරිනු ලබන අතර එම ඡායාරූප හා වීඩියෝ දර්ශන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය සෑම විමට වග කියනු ලබයි.

කරුණු එසේ හෙයින් ඉහත පරිදි සත්‍යයෙන් තොර, තහවුරු නොකරන ලද තොරතුරු සංස්කරණය කරන ලද හෝ නොකරන ලද ඡායාරූප හෝ වීඩියෝ දර්ශන ප්‍රචාරය කිරීමේදී මාධ්‍ය ප්‍රධානීන් සහ පුද්ගලයින් වගකීම් දරනු ඇති අතර එවන් අවස්ථාවලදී අගතියට පත් පාර්ශවයන් විසින් ගරු අධිකරණය තුලදී ප්‍රශ්ණගත ලෙස විමසීමකදී ද එම ආයතන හා පුද්ගලයින් වගකීමකට යටත් වනු ඇත.

කෙසේ වුවද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් පිලිගෙන ඇති පුරවැසියෙකුට හිමි මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් හෝ සීමා කිරීමක් මෙමඟින් කිසිසේත් සිදු කර නොමැති බවටද කාරුණිකව දන්වා සිටිමි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us