අලුත්ගම සහ බේරුවල මේ වනවිට උතුර නැගෙනහිර මෙන්ම මිලිටරීකරණය වී ඇතැයි නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා පවසයි.

ජුලි මස 05 වැනි දින පැවැත්වීමට නියමිත පිච්චමල් පුජාවට සහභාගිවන බැතිමතුන් ගේ ගමන් පහසුව සඳහා කොළඔ කොටුව දුම්රිය ස්ථානයේ සිට අනුරාධපුරය දක්වා විශේෂ දුම්රිය අටක් ධාවනයට යොදවා ඇතැයි පාලක මැදිරිය පවසයි.

සිය මළ දරුවාට පණ ලබා ගැනීමට දින පහක් තිස්සේ ගසින් ගසට පැන යමින් වැලපෙමින් වේදනාවට පත් වූ වැඳිරියක පිළිබඳ අනුවේදනීය පුවතක් පොළොන්නරු පූජා භූමියෙන් වාර්තා වී තිබේ.

දොඩම්ගොඩ බෝඹුවල දී මැර ප්‍රහාරයට ලක්වූ බව කියන පොලිස් කොස්තාපල් සුමින්ද සමන්ට සාමාන්‍ය ඇඳුමින් සැරසුණු දෙදෙනකු සමග නැනෝ කැබ්රියකින් ඊයේ රාත්‍රී සිද්ධිය වූ ස්ථානයට යෑමට එන ලෙසට පොලිසිය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත. 

කොළඹ කොටුව බි‍්‍රස්ටල් වීදිය ප‍්‍රදේශයේදී ඊයේ (03) සිරුරට ගිනි තබාගත් පුද්ගලයා අද (04) උදැසන මියගොස් ඇත.

පෑලියගොඩ-කටුනායක අධිවේගී මාර්ගයට පොලිස් අණ නොතකා අනවසරෙන් ඇතුළුවූ යතුරුපැදිකරුවෙකු මෝටර් රථයක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත. 

තමන් කම්මලේ බල්ලා වගේ යයිද හෙන ගැහුවත් ගානක් නැතැයිද සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා නුවරඑළියේදී පැවසිය.

හෙද - වින්නඹු ආරවුල තවත් උග්‍ර කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය යන සංගම් විසින් කටයුතු කළහොත් ලබන සතියේදී දිවයිනේ සියලු රජයේ රෝහල්වල සේවය කරනු ලබන හෙද හෙදියන් 28,000 ක්‌ පමණ දෙනා සිය සේවා කටයුතුවලින් ඉවත් කිරීමට රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමය විසින් තීරණය කර ඇතැයි එම සංගමයේ සභාපති මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියෝ පැවැසූහ.

ld add copy

Latest News

කණකොක් හඬ නඟන බෙර කර්මාන්තය

කණකොක් හඬ නඟන බෙර කර්මාන්තය

පරම්පරා පහකට ආසන්න පිරිසක්‌ විසින්‌ රැකගෙන එන “කොත්මලේ බෙර, දවුල්‌ හා වංගෙඩි” කර්මාන්තය රැකගැනීමට සහ...

Connet With Us