උසස් පෙළ උසස්ම ප‍්‍රතිඵලවල හිමිකාරයෝ

Published in පුවත්
Sunday, 28 December 2014 09:15
2014 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල අනුව එක් එක් විෂය ධාරාවන්වල දිවයිනේ පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථානවලින් වැඩි ප‍්‍රමාණයක් අත්කර ගැනීමට කොළඹින් බැහැර පාසල්වල සිසු සිසුවියන් සමත්ව අැත.
 
ජීව විද්‍යා විෂය ධාරාවෙන් දිවයිනේ පළමු ස්ථානය දිනා ගෙන ඇත්තේ මාතර සුජාතා මහා විද්‍යාලයේ එච්.ජී හිරුණි උදාරාය. ගාල්ල සංඝමිත්තා බාලිකා මහා විද්‍යාලයේ යසස්වි භාග්‍යානි දේවසිරිනාරායන ශිෂ්‍යාව ජීව විද්‍යා අංශයෙන් දිවයිනෙන් දෙවැනි ස්ථානය දිනා අැත. එම විෂය ධාරාවේ තෙවැනි ස්ථානය හිමිව ඇත්තේ ත‍්‍රිකුණාමලය ඔර්ස්හිල් විවේකානන්ද විද්‍යාලයේ ශිවකුමාරන් ඉඳුජන් ශිෂ්‍යාටය.
 
ගණිත විෂය ධාරාවෙන් දිවයිනේ පළමු ස්ථානය හිමිකර ගැනීමට සමත් වී ඇත්තේ යාපනය හින්දු විද්‍යාලයේ පාක්‍යරාජ් දරුකීසන් සිසුවාය. කොළඹ රාජකීය විද්‍යාලයේ භානුක මලිත් සිල්වා ගණිත විෂය ධාරාවේ දෙවැනි ස්ථානය හිමිකර ගෙන සිටින අතර පින්නවල මධ්‍ය මහා විද්‍යාලයේ කසුන් ඉමේෂ එම විෂය ධාරාවේ දිවයිනෙන්ම තුන්වැනි ස්ථානය හිමිකර ගෙන සිටී. 
 
වානිජ විෂය ධාරාවෙන් දිවයිනේ පළමු ස්ථානය දිනාගෙන ඇත්තේ ගාල්ලේ සවුත්ලන්ඞ් විද්‍යාලයේ පියුමි ධනංජනා ශිෂ්‍යාවය. 
 
පානදුර බාලිකා විද්‍යාලයේ එස්.ඒ රවිඳි රසිඳි ශිෂ්‍යාව වානිජ විෂය ධාරාවෙන් දිවයිනේ දෙවැනි ස්ථානය හිමිකර ගෙන ඇති අතර මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ ගිම්හානි සෙව්වන්දිකා රත්නායක එම විෂය ධාරාවේ දිවයිනේ තෙවැනි ස්ථානය දිනා සිටී. 
 
 කලා විෂය ධාරාවෙන් දිවයිනේ පළමු ස්ථානය හිමිකර ගෙන ඇත්තේ කොළඹ විශාඛා විද්‍යාලයේ ශවිඳි නෙත්සලා පතිරණ ශිෂ්‍යාවය. තංගල්ල බාලිකා මහා විද්‍යාලයේ අයේෂා නිල්මිණි කලා විෂය ධාරාවේ දෙවැනි ස්ථානය හිමිකර ගෙන ඇති අතර නාරම්මල මයුරපාද මහා විද්‍යාලයේ ගයත‍්‍රි තිවංකා නවරත්න ශිෂ්‍යාව එම විෂය ධාරාවේ දිවයිනේ තෙවැනි ස්ථානය හිමිකර ගත්තාය. 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us