ඉදිරි දින 10 යේදී ලොකු පෙරළියක් - නන්දන ගුණතිලක

Published in පුවත්
Sunday, 28 December 2014 08:36

ජනාධිපතිවරණයෙන් පොදු අපේක‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරවිය යුතු බවට මහජන මතයක් ගොඩනැගී ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතා පවසයි.

රාජපක‍්ෂ රජයේ මැති ඇමතිවරුන් විශාල පිරිසක් අකර්මන්‍යවී ඇතැයි ද ඔවුන් ජනාධිපතිවරණය වෙනුවෙන් ක්‍රියාත්මක නොවන බව ද ගුණතිලක මහතාපෙන්වා දෙයි. රාජපක‍්ෂ රජයේ ක්‍රියාකාරීහූද දිනෙන් දින මෛත්‍රීපාල සිරිසේන මහතාට එක්වෙන බවත් ඉදිරි දින 10 ඇතුළත අති විශාල පරිවර්තනයක් සිදුවනු ඇතැයි ද නන්දන ගුණතිලක මහතා සඳහන් කරයි.

ජාතික හා ප්‍රාදේශික දේශපාලනඥයෝ රැසක් මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමට ඉදිරි දින වලදී එක්වන බව ඔහු කියයි.

රජයේ දූෂිත ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාදාමයට අති විශාල පිරිසක් එරෙහිවී ඇතැයි ද නන්දන ගුණතිලක මහතා පෙන්වා දෙයි.

එහෙත් වත්මන් ජනාධිපතිවරයා තම ප්‍රචාරක රැළි වලට බස්රථ වලින් දුර බැහැර සිට ප්‍රේක‍්ෂකයන් ගෙන්වා ගන්නා බව ඔහු කියයි.

ඉන් සනාථ වන්නේ වත්මන් ජනාධිපතිවරයාගේ ඡන්ද පදනම ද බිඳ වැටී ඇති බව යැයිද මෙවර ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරවීම සඳහා ජනපෙළගැස්මක් සහ ජනමතයක් පවතින බව මහජන රැළිවලින් මනාව සනාථ වන බවත් තහවුරු වී ඇතැයිද ගුණතිලක මහතා අවධාරණය කරයි. ඔවුන් බස් රථ යොදා හෝ වෙනත් ප්‍රතිලාභ ලබාදීමකින් තොරව ස්වේච්ඡාවෙන් එක්වූ පිරිස් බව නන්දන ගුණතිලක මහතා අවධාරණය කරයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us