අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවගේ සහන කටයුතු පිළිබද සොයා බැලීමට පෙරවරුවේ අනුරාධපුර දිස්ත්රික්කයේද සංචාරය කළ ජනාධිපතිතුමා ඉන් අනතුරුව මෙලෙස බදුල්ල දිස්ත්රික්කයට පැමිණ මෙම ජනතාව හමුවිය.
බදුල්ල දිස්ත්රික්කයේ ඇල්ල, කුඹල්වල සහ උඩුවල ප්රදේශවල සංචාරය කරමින් නිවාස කඩා වැටීම්, මාර්ග අවහිරවීම් සිදු වූ ස්ථානවලට ගිය ජනාධිපතිතුමා උඩුවල, සුබෝධාගම ප්රදේශයේ නාය යාම් සිදු වූ ස්ථානයටද ගොස් එහි ජනතාව හමුවී ඔවුන්ගේ සුබසාධන කටයුතු පිළිබද සොයා බැලීය.