මැදිරිගිරියෙත් භිෂණයක්

Published in පුවත්
Saturday, 27 December 2014 22:45

නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රචාරක ව්‍යාපාරයට අයත් මදිරිගිරිය යාය 07 රාජා අබේ ගුණවර්ධන මහතාගේ නිවසේ පවත්වාගෙන යනු ලබන පක්ෂ කාර්යාලයට පැමිණි ආයුධ සන්නද්ධ පිරිසක් එම කාර්යාලය කඩා බිඳ දමා අහසට වෙඩි තබා පලා ගොස් තිබේ.

මේ වන විට පොලොන්නරුව මැදිරිගිරිය ප්‍රදේශය දැඩි භීෂණයකට යටත් කොට ඇත . ගං වතුර තත්වය මත අනාථව සිටින බොහෝ ජනතාවක් මෙම දේශපාලන භීෂණයටද ගොදුරුව ඇත.

ඊයේ රාත්‍රීයේ ද මදිරිගිරියේ ස්ථාන දෙකකට ඩිපෙන්ඩර් රථ දෙකකින් සහ ජීප් රථ දෙකකින්ද , වෑන් එකකින්ද පැමිණි පිරිසක් අහසට වෙඩි තබා දේපොළ වලට හානි පමුණුවා ඇත.

මෙහිදී මැදිරිගිරිය නව නගරයේ ඒ . ඩී. සමන්ත පෙරේරා ( එක්සත් ජාතික පක්ෂයේ ) පවත්වාගෙන යන පක්ෂ කාර්යාලයට මහින්ද හිතවාදී පිරිසක් විසින් රතිඥ්ඤා පත්තු කර වාහනයට විසි කර ඇත . එහිදී ඇති වූ බහින් බස් වීම දුර දිග යාමෙන් සමන්ත මහතා ඇතුළු පිරිස සහ එම පිරිස අතර ගැටුමක් ඇති වී ඇත. ඉන් පසුව රාත්‍රී පමිණි මෙම භීෂකයින් විසින් සමන්ත මහතාගේ නිවසට සහ පවත්වාගෙන යන පක්ෂ කාර්යාලට හානි පමුණුවා අහසට වෙඩි තබා ඇත .

MadirigiriyaAttact2MadirigiriyaAttact3

Last modified on Saturday, 27 December 2014 23:31

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us