මහින්ද දිනවන්න ලේක්හවුස් වෙතින් කෙබර ජෝතිෂ්‍ය පත්තරයක්

Published in පුවත්
Saturday, 27 December 2014 20:16

එක්සත් ප්‍රවෘතිපත්‍ර සමාගම (ලේක්හවුස්) මඟින් එම අයතනයේ මුද්‍රණය කරන සෙත්මිණ නම් ජෝතිෂ්‍යය පුවත් පතක් විශේෂ කලාපයක් ලෙස මහින්ද රාජපක්ෂගේ මැතිවරන ප්‍රචාරක ව්‍යාපාරය වෙනුවෙන් මුද්‍රණය සඳහා මේ වන විට සුදානම් කොට ඇති බව වාර්තාවේ.

මේ සම්පූරණ වියදම ලේක්හවුස් ආය්තනය මඟුන් දරන අතර මෙහි කලාප ලක්ෂ විස්සක් පමණ මුදණය කර නොමිළේ බෙද හැරීමටද කටයුතු සූදානම් කර ඇතැයි ලේක් හවුස් ආයතනේ ආරංචි මාර්ග සඳහන් කරයි. එමෙන්ම මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ලේක්හවුස් ආයතනය විසින් ගෙන්වන ලද කඩදාසි තොගයේ වටිනාකම මිලියන 40 වන බවද පැවැසේ.

කෙසේ නමුත් මෙම ව්‍යාජ කරුණු වලින් ගහන සෙත්මිණ පුවත්පත මුද්‍රණය කිරීමේ අදහස ලෙක්හවුස් සභාපති බන්දුල පද්මකුමාරගේ කැමැත්ත පරිදි සිදුවන්නක් වන අතර එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ විරෝධයද මෙයට එල්ල වී ඇත.

මෙම පුවත්පත සම්බන්ධයෙන් අද දින මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිළි කිරීමට එක්සත් ජාතික පක්ෂට කටයුතු කළේය.

 


එම පැමිණිල්ල


මහින්ද දේශප‍්‍රිය මහතා
මැතිවරණ කොමසාරිස්
මැතිවරණ මහලේකම් කාර්යාලය,
සරණ මාවත,
රාජගිරිය.
කොමසාරිස්තුමනි,

මහින්ද රාජපක්‍ෂ අපේක්‍ෂක වෙනුවෙන් ලේක් හවුස් විශේෂ පුවත්පතක්

රජයේ එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම මගින් ප‍්‍රකාශයට පත්කරනු ලබන ජ්‍යෙතිෂ්‍ය පුවත්පතක් වන ”සෙත්මිණ” පුවත්පතේ 2014 දෙසැම්බර් 30 වැනි දින මුද්‍රණයට නියමිත කළාපය, විශේෂ මැතිවරණ ප‍්‍රකාශණයක් ලෙස නිකුත් කිරීමට නියමිත බව වාර්තා වේ.
එමගින් මහින්ද රාජපක්‍ෂ මහතා ජයග‍්‍රහණය කරනු ලබන බවත් රනිල් වික‍්‍රමසිංහ මහතාට කිසිදු ආකරයකින් අගමැති තනතුර ලබා ගැනීමට නොහැකි බවත් අවධාරණය කර ඇති අතර එය මහින්ද රාජපක්‍ෂ මහතාට හිතවත් ජ්‍යෙතීෂ්‍යවේදීන්ගේ විශේෂ ප‍්‍රකාශවලින් යුක්ත වේ.

රජයේ ප‍්‍රකාශණයක් වන ‘සෙත්මිණ’ පුවත්පතේ මෙම විශේෂ කලාපය නිකුත්වීම තුළින් 2015 ජනාධිපතිවරණයේ අනෙකුත් අපේක්‍ෂකයන්ට බරපතළ අසාධාරණයක් සිදුවන බැවින් එම පුවත්පත මුද්‍රණය කිරීම හා බෙදාහැරීම වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.
ස්තූතියි.


තුසිත හල්ලොලූව
සම්බන්ධීකාරක

 

Election-mud-lakehouse

Last modified on Saturday, 27 December 2014 20:19

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us