බොදු බලේ නිසා ආණ්ඩුව යළි අර්බූදයක

Published in පුවත්
Sunday, 28 December 2014 09:18
බොදු බල සේනා සංවිධානය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරන අපේක්ෂකයා ලෙස දිනවීමට කොන්දේසි විරහිතව සහයෝගය දෙන බව ප්‍රකාශ කිරීම නිසා ආණ්ඩුවේ සිංහල බෞද්ධ ඡන්ද පදනමට බරපතල හානියක් සිදුවෙමින් පවතින බව  බුද්ධ අංශ වාර්තාවක් විසින් පෙන්වා දී ඇතැයි අරලියගහ මන්දිරයට සම්බන්ධ ආරංචි මාර්ග පවසයි.
 
බොදුබල සේනාව අලුත්ගම හා දර්ගා නගරයේ මුස්ලිම් වරුන්ට එරෙහිව සිදුකළ  ප්‍රචණ්ඩකාරී ක්‍රියා පිළිවෙත්  නිසා සිංහල බෞද්ධ ජනතාව අතරත් බොදුබල සේනාව පිළිකුලට පාත්‍රවූ  බවත්  එම වාර්තාව පෙන්වාදී ඇත.
 
 පසුගියදා එම සංවිධානය හයිඩ් පැවැත්වූ ‍රැස්වීමට සහභාඅගී වී සිටියේද ඉතා සුළු පිරිසකි.
 
මේ හේතුවෙන්  බොදු බල සේනා සංවිධානය දිගින් දිගටම මහින්ද රජපක්ෂ වෙනුවෙන් සහයෝගය ප්‍රකාශ කරන මුත්  එම සංවිධානයේ සහයෝගය සන්ධානයට ලැබී ඇති බව ප්‍රකාශ නොකිරීමට ආණ්ඩුව පරෙස්සම් වී තිබේ.
 
මේ සම්බන්ධයෙන් එම සංවිධානයෙන් මාධ්‍යවේදියකු කළ විමසීමට එහි ලේකම් ගලබොඅඩත්තේ ඥානසාර පවසා තිබුණේ කොන්දේසි විරහිතව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ ට සහාය ලබාදීමට ගත් තීරණයේ කිසිදු වෙනසක් නැතැයි ද ආණ්ඩුවෙන් කිසිදු ආරාධනයක් නොලැබුණද එළැඹෙන ජනාධිපතිවරණයේදී රාජපක්ෂට සහාය ලබාදෙන බවය. 

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us