විමල්ගේ ආර්ථික ඝාතකයාත් මහින්ද දිනවන්න වැඩ

Published in පුවත්
Monday, 29 December 2014 01:07

ආණ්ඩුකාරවරුන්, රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු රාජ්‍ය සේවකයන් ප්‍රසිද්ධියේම මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට සම්බන්ධ වෙමින් සිටීම ඉතා අවාසනාවන්ත තත්වයක් බව මැතිවරණ නිරීක්ෂකයෝ පවසති.

මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට සහභාගි නොවන මෙන් මැතිවරණ කොමසාරිස්වරයා නියෝග කොට තිබියදීත් බොහෝ රාජ්‍ය නිලධාරීන් එය නොතකා හැර තිබෙන බව කැෆේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් පැවසීය.

මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා විසින් අද සඳුදා ගාල්ලේ සංවිධානය කොට තිබෙන 'මහින්ද චින්තන - ලොව දිනන මඟ 2020 ගාල්ල' මැයෙන් යුත් රැස්වීමට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් පීබී ජයසුන්දර සහභාගි වීම පැහැදිලිවම මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක් බවත් රජිත් කීර්ති තෙන්නකෝන් සඳහන් කළේය.

මහින්ද රාජපක්ෂ පාලනය ‍රැකගැනීම සඳහා වැඩිම වෙහෙසක් ගන්නා ඇමැති විමල් වීරවංශට අනුව මුදල් අමාත්‍යංශ ලේකම් පීබී ජයසුන්දර මහතා මේ රටේ අංක එකේ ආර්ථික ඝාතකයාය. ඔහුව එම තනතුරෙන් පහ කිරීම සඳහාද වීරවංශ දැඩි ක්‍රියාකාලාපයන් අනුගමනය කරනුද පසුගිය කාලයේ දකින්නට ලැබිණි. එහෙත් අද මේ ආර්ථික ඝාතකයාද වීරවංශ මෙන්ම මෙම මහින්ද රාජපක්ෂ පාලනය රැකීම වෙනුවෙන් රටේ නීති රීතිද උල්ලංඝනය කරමින් සහභාගී වී සිටී.

 - බීබීසී සංදේශය ඇසුරෙනි

wimal-jaysundara-1

 

Last modified on Monday, 29 December 2014 01:09

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us