මෛත්‍රීට සහය දුන්නත් ආණ්ඩුව රකිනවා - හකීම්.! සුසිල්, හකීම්ට දෙහි කපයි.

Published in පුවත්
Monday, 29 December 2014 00:51
එළඹෙන ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු යළිත් වතාවක් ආණ්ඩුව සමග සාකච්ඡා කිරීමට අවකාශයක් පවතින බව විපක්ෂයට එක් වූ මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් පවසයි.
 
‘අපි රජයත් එක්ක සාකච්ඡා කිරීමේ අවකාශයක් මැතිවරණයේ තීන්දුව ලැබුණට පස්සේ, නැවත වාරයක් අපි තීන්දුවකට එළඹෙනවා’ යනුවෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් අද ඉරිදා කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් කියා සිටියේය.
 
නැගෙනහිර පළාත් සභාව තුළ ආණ්ඩුව සතු බලය බිඳ දැමීමට තමා කිසිසේත් අදහස් නොකරන බවත් මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් පැවසුවේය.
 
‘නැගෙනහිර පළාත් සභාවේ, එතන අපි තීරණාත්මක සාධකයක්. අපි නැතුව බහුතරයක් නැහැ. ඒ බහුතරය නැති කිරීමේ ක්‍රියාදාමයක අපි නියැලෙන්නේ නැහැ කියනදේ පැහැදිලිව කියන්න ඕනි’ යනුවෙන් රවුෆ් හකීම් වැඩි දුරටත් සඳහන් කළේය.
 
වර්තමානයේ පවතින දේශපාලන ප්‍රවනතාව සලකා බලා තම පක්ෂය, විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට සහාය ලබා දීමට තීරණය කළ බවයි මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් වැඩි දුරටත් කියා සිටියේ.
 
හකීම් බෙදුම්වාදියෙක්
 
මේ අතර, ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය වෙනම මුස්‌ලිම් කලාපයක්‌ ඉල්ලා සිටියද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එයට එකඟ නොවීම නිසා කොංග්‍රසය රජය හැර ගිය බව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.
 
එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය කිසිම විටක දේශපාලන පක්‍ෂවල අන්තවාදී ඉල්ලීම්වලට නතු නොවන බවද හෙතෙම කීය. මුස්‌ලිම් කොංග්‍රසය 2005 දී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දුන් අතර 2010 සරත් ෆොන්සේකා මහතාටත් 2010 මහ මැතිවරණයේදී එක්‌සත් ජාතික පක්‍ෂයෙන් ඡන්ද ඉල්ලූ බවත් මෙහිදී ඇමැතිවරයා අවධාරණය කළේය.
 
කල්මුණේ. සමන්තුරේ හා පොතුවිල් එක්‌කර වෙනම දිස්‌ත්‍රික්‌කයක්‌ ලබා ගැනීම ඔවුන්ගේ මූලික අභිප්‍රාය බවද ඇමැතිවරයා කීය.
 
වාර්ගික පදනමින් දිස්‌ත්‍රික්‌ක ඇතිකිරීම කොහෙත්ම කළ නොහැකි බව හෙතෙම අවධාරණය කළේය.
Last modified on Monday, 29 December 2014 01:00

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us