මහින්දගේ දෙකේ පංතියේ වැඩක්

Published in පුවත්
Monday, 29 December 2014 07:21

ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ තමන්ගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් කුඩා පාසල් දරුවන්ද රවටමින් සිටී. මේ සමඟ වන ඡායාරූපයෙන් දැක්වෙන්නේ කුඩා පාසල් දරුවන් වෙත මේ වන විට බෙදාහරිමින් තිබෙන පාසල් ගමන් මල්ලකි.

එහි ජනාධිපතිවරයාගේ රුව හා ඔහු මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් සලකුණක් ලෙස යොදා ගන්න නෙළුම් මල ද මුද්‍රණය කරන ලද මෙම ගමන් මළු පනස් දහසක් පමණ රටපුරා බෙද හැරීමට කටයුතු කරමින් තිබේ.

මෙම ගමන් මළු චීනයෙන් ආනයනය කරන ලද බවත් එම මුලාශ්‍ර සඳහන් කරයි.

මහින්ද රාජපක්ෂ විසින් තමන්ගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා කුඩා දරුවන් යොදා ගැනීම ඉතා නිර්ලජ්ජිත කටයුත්තක් බවට මේ වන විට බරපතල ලෙස විවේචනයට ලක්ව තිබේ. කුඩා දරුවන් යොදාගෙන විශාල දැන්වීම් ප්‍රමාණයක්ද ඔහු ප්‍රචාරණ කටයුතු සඳහා යොදා ගනිමින් සිටී.


මේ අතර ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් කුඩා දරුවන් යොදා නොගන්න ලෙස සියළු අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටීමින් සමාජයේ උගත් බුද්ධිමත් පුරවැසියන් විසින් මේ වන විට ප්‍රබල මතයක් ගොඩනඟමින් සිටී. මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයාවද දැනුවත් කිරීමට නීතිඥ කණ්ඩායමක් කටයුතු කර තිබිණි.

mahinda-school-bag-1

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us