ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ මෙරට සිටින විදෙස් ප්‍රවෘත්ති සේවාවන්හි මාධ්‍යවේදීන් අතර හමුවක් අරලියගහ මන්දිරයේදී ඊයේ (19) පැවැත්විණ.
2020 වසර දක්වා ක්‍රියාත්මක කිරීමට වැඩපිළිවෙලක් තමන් සතු බවත් ඉදිරි ජනාධිපතිවරණයත් තමන් පහසුවෙන් ජයගන්නා බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර අැත.
ලිංගික අධ්‍යාපනය පාසල්වල 10 ශ්‍රේණියේ සිට විද්‍යා විෂය යටතට ගෙන ඉගැන්වීමට පියවරගන්නැයි ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.
ඉදිරියේදී රුපියල් 10 යේ වටිනාකමින් යුතු කාසි දිස්ත්‍රික්ක මට්ටමින් නිකුත් කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීම සම්බන්ධයෙන් එජාප නායකත්ව මණ්ඩල සාමාජික මංගල සමරවීර මහතා පක්ෂයේ ප්‍රධානින් කිහිප දෙනෙකු සමග විරෝධය පළකර ඇත්තේ, එජාප ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුදැනුම මත බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.