රාජපක්ෂ රෙජීමය බංකොලොත්. මෛත්‍රීට මහා පරිමාණ මඩ ප්‍රහාරයක් !

Published in පුවත්
Friday, 26 December 2014 14:24
නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව  මහා පරිමාණයේ මඩ ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා මහින්ද රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්  කාර්යාලය සූදානම් වන බව දැන ගැනීමට තිබේ.  විශේෂයෙන්ම  මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ජීවිතය හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ පෞද්ගලික ජීවිත අල්ලා  අභූත පුවත් ‍රැසක් ප්‍රචාරය කිරීමට මේ වන විටත් සූදානම් වෙමින් තිබේ. 
 
ඒ අතරම අවසන් දිනය තුල මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලා අස්වූ බව හැඟවෙන පරිදී  රාජපක්ෂලගේ ජයග්‍රහණය වෙනුවෙන් යොදා ඇති සිරිසේන නම් තවත් අපේක්ෂක විකටයකු යොදාගෙන  ප්‍රචාරක වැඩ සටහනක් දැනටමත් නිශ්පාදනය කර අවසන් බව දැන ගැනීමට තිබේ.
 
එමෙන්ම විදෙස්ගත එල්ටීටීඊ ඩයස්පොරාවෙන් මුදල ලබා ගත් කියමින් සිරිසේන මහතාව අත් අඩංගුවට ගැනීමේ සූදානමක් ගැනද මේ වන විට තොරතුරු හෙලිව තිබේ. මේ වෙනුවෙන් කුමන්ත්‍රණකාරී වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර  සිරිසේන මහතාගේ පුතුගේ පෙම්වතිය යැයි කියන තැනැත්තියගේ පියාගේ මිතුරෙකුගේ නිවසේ තිබී විදෙස් මුදල් තොගයක් සොයා ගත් බවට සිදුවීමක්ද මේ වන විට නිර්මාණය කර තිබේ. 
 
මෙම මඩ ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වී සිටින්නේ විමල් වීරවංශ බවද හෙලිව ඇති අතර පසුගියදා එජාපයේ හිටපු ලේකම්වරයා ලවා රනිල් - මෛත්‍රී ගිවිසුමක් පිළිබඳ අසත්‍ය තොරතුරු  ප්‍රචාරය කෙරුණේද වීරවංශගේ සැලසුමක් අනුවය. එමෙන්ම ජාතික සංවිධාන එකමුතුව නමින් මැරයන් එවා එජාප මුලස්ථානයට පහර දීමට පිරිස් සූදානම් කර තිබුණේද ඔහු විසින්ය.
 
මේ අතර මඩ පත්‍රිකා  පොස්ටර් ‍රැසක් මුද්‍රණය වෙමින් තිබෙන අතර තලවතුගොඩ ලීඩ්ස් මුද්‍රණාලයේද මඩ පොස්ටර් ‍රැසක් මුද්‍රනය වෙමින් පවතින බවට මැතිවරණ කොමසාරිස්වරයාට ඊයේ දිනයේදී පැමිණිල්ලක් කර තිබිණි. එහෙත් ඊට සක්‍රීය ප්‍රතිචාරයක් දක්වා තිබුණේ නැත.
 
 ඊට පෙර දින පන්නිපිටියේ සිරිකත මුද්‍රණාලයේ මඩ පත්‍රිකා තගයක් මුද්‍රණය කරමින් තිබියදී හසු වූ අතර මේ වන විට එය සීල් තබා ඇත.
 
එහෙත් රාජපක්ෂ රෙජීමයේ මැතිවරණ කටයුතු මඩ ප්‍රහාරයන් පමණක්වීම දක්වා පල්ලම් බැස තිබුණද තමාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු මඩ අවලාද වලින් තොරව පවත්වාගෙන යන බව මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us