ශ්‍රී ලංකාවේ ජනවාරි 08 වෙනිදාට නියමිත ජනාධිපතිවරණය සාධාරණ, සාමකාමි, ප්‍රජාතන්ත්‍රවාදි මැතිවරණයක් පවත්වන මෙන් ශ්‍රීලංකා ප්‍රජාතන්ත්‍රවාදි සමාජවාදි ජන රජයේ වර්ථමාන මැතිවරණ කොමසාරිස් තුමාට බළකරමින් ප්‍රංශයේ ජීවත් වන ශ්‍රීලාංකිකයන්ගේ ප්‍රංශ එකමුතුව සංවිධානයේ ප්‍රධානත්වයෙන් පැරිස් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට 2014 දෙසැම්බර් මස 23 වෙනි අගහරුවාදා සවස 03 ට සාමකාමි උද්ඝෝෂනයක් පැවැත්විය.
සංවිධානයේ ක්‍රියාකාරීන්වූ අජන්ත කල්දේරා, පුෂ්පසිරි ද අල්විස්, ඬේමියන් පීරිස් රෙක්ස් හෙට්ටිආරච්චි, මාධ්‍යවේදි සුනිල් ගාමිණි, නිහාල් මැනික්බෝව, සම්පත් වර්ණකුලසූරිය යන මහත්වරුන් විසින් මැතිවරණ කොමසාරිස් තුමා අමතන සංදේශය ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වැඩ බලන තානාපතිතුමියට බාර දුන්නේය. තානාපති කාර්යාලය අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා තිබුනි.
සුනිල් ආනන්ද පැරීසියේ සිට