රාජපක්ෂ පවුල් පාලනය අවසන් ? තව පිරිසක් එළියට Featured

Published in පුවත්
Sunday, 28 December 2014 12:30

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වසර 9ක පාලනය අවසන් කරමින් සන්ධාන ආණ්ඩුවෙන් තවත් පිරිසක් හෙට දිනයේ සිට ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. අද දිනයේදී මුස්ලිම් කොන්ග්‍රසයේ සහයද සිරිසේන මහතාට හිමිවන බව නිල වශයෙන් ප්‍රකාශයට පත්විය.

මෙහි පළමු පියවර නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාපා විසින් තබනු ඇතැයි දැන ගැනීමට තිබේ. පසුගියදා ඔහු සිය පවුල පිටින්ම රාජපක්ෂවරුන්ගෙන් බේරීම සඳහා සිංගප්පූරුව බලා පිටත් වූ නමුත් රාජපක්ෂලාගේ නියෝජිතයන් සිංගප්පුරුවටද ඔහුව සොයා පැමිණීම නිසා යාබද තවත් රටකට රහසේම ගොස් ඇති බව ඔහුට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ නමුත් හෙට දිනයේදී ඔහු මෙරටට පැමිණීම මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තමන්ගේ සහය මෛත්‍රීපල සිරිසේන මහතාට බව ප්‍රකාශ කිරීමට නියමිත බවඩ එම ආරංචි මාරග සඳහන් කරයි.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී අචල ජයගොඩ, ලසන්ත අලගියවන්න උපේක්ෂා ස්වර්ණමාලී හා දුලිප් විජේසේකර ද ඉදිරියේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීම සඳහ සූදානමින් පසුවන බවද දැන ගැනීමට ඇත. ඒ සම්බන්ධයෙන් මේවන විට සකච්ඡාවට කිහිපයක්ම සාර්ථකව අවසන් කර තිබේ. මේ අතර සුදර්ෂණී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරියද මේ සම්බන්ධයෙන් තවමත් දෙගිඩියාවක පසුවන බවත් ඇයගේ සමීපතමයක් පවසයි. මර්වින් සිල්වා මහතාද මේවන විට සිටින්නේ රාජපක්ෂවරුන්ට සහය දෙන ප්‍රතිපත්තියක නොවේ.

මේ අනුව් ගම්පහ දිස්ත්‍රික්කය බරපතල දේශපාලන නායයාමකට හසුවීමට නියමිතය. මීට පෙර ගම්පහ වසන්ත සේනානායක මහතා විපක්ෂයට එක්විය.

එමෙන්ම ලැබෙන අලුත්ම ආරංචි මාර්ග සඳහන් කරන්නේ ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාද කරණමක් ගැසීමට සූදානමින් පසුවන බවය. මීට අමතරව ජේෂ්ඨ ඇමැතිධූර හොබවන ඇමැතිවරු කිහිපදෙනෙකුම ආණ්ඩුවෙන් ඉවත් වීමත් එළඹෙන සතියේදී සිදුවනු ඇතැයි විපක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර පරාජයෙන් බේරීම සඳහා රාජපෂක පාර්ශ්වය විපක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා හා ඔහුට සහය දෙන ජනනායකයන් ඉලක්ක කර විශාල මඩ ප්‍රහාර එල්ල කරමින් සිටියද ඒ කිසිවක් සන්ධාන පාක්ෂිකයන්වත් විශ්වාස නොකරන බව ශ්‍රීලනීපයේම ප්‍රබලයන් ඊයේ රාජපක්ෂවරු හා සාකච්ඡාකර තිබෙන බව දැන ගැනීමට තිබේ.

විශේෂයෙන්ම විමල් වීරවංශ විසින් ගෙන යන මඩ ප්‍රහාරයන් ආපිට කැරකී ඇති බවද එම පිරිස පෙන්වා දී ඇති නමුත් මේ වන විට බරපතල මානසික ව්‍යාකූලත්වයකින් පෙලෙන මහින්ද රාජපක්ෂ මහතා එම පිරිසට බැන වැදී ඇතිතේ වෙන කරන්න දෙයක් තියෙනවනම් කරල පෙන්වන ලෙසය. අන්තිම තුරුම්පුව අවසන් දින දෙකෙදී ගහන බවත් ඔහු අවධාරණය කර තිබේ.

ඒ සම්බන්ධ යම් තොරතුරු ප්‍රමාණයක් අපවෙත ලැබී ඇති අතර ඒ තහවුරු වූ විගස හෙළි කරමු.

 

 

Last modified on Sunday, 28 December 2014 12:37

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us