පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් අලුත්ගම හා දර්ගා නගරයේ ගැටුම් වලින් හානියට පත් ජනතාව හමු වෙති.

එම ප්‍රදේශවල පැවති ගැටුම් හේතුවෙන් හානියට පත් දේපළ හා එහි ප්‍රමාණය සොයා බැලීම මෙම සංචාරයේ අරමුණ විය.

ගැටුම් වලින් දැඩි ලෙස හානියට පත් දර්ගා නගරයේ තත්වය විමසමින් එම ප්‍රදේශයේ විපතට පත් මුස්ලිම් වැසියන් හමුවූ මන්ත්‍රීවරයා, ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියට පැමිණ ඒ අවට ප්‍රදේශයේ මුස්ලිම් ආගමික නායකයන් හමු විය.

පතිරාජගොඩ ශ්‍රී විවේකාරාම විහාරාධිපති හිමියන් ඇතුළු ගැටුම් වලින් හානියට පත් සිංහල පවුල් හමුවූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඔවුන්ගෙන් තොරතුරු විමසා බැලිය.

පීඩාවට පත් ජනතාවට සහන ලබා දෙමින් ප්‍රදේශය යළි ගොඩ නැංවීමට අවශ්‍ය වැඩපිළිවෙළ පිළිබඳ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ප්‍රදේශයේ රජයේ නිලධාරීන් සමග සාකච්ඡා පැවැත් වූ බවත් මෙම ගමනට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත් ලොකුබණ්ඩාර බීබීසී සංදේශයට පැවසුවේය.

බේරුවල සහ අලුත්ගම යන නගර ඇතුළු ඒ අවට ප්‍රදේශවල පැවති ගැටුම් පිළිබඳ නිවැරදි තොරතුරු ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතනවලට වාර්තා කිරීමට ඉඩ නොදී ශ්‍රී ලංකා රජය විසින් මාධ්‍ය වාරණයක් පනවා තිබූ බව ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කරයි.

එවැනි මාධ්‍ය වාරණයක් පැනවීම නිසා අසත්‍ය තොරතුරු ලොව පුරා පැතිරී ගිය බව ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කළේය.

රට තුල ඉස්ලාම් අන්තවාදයක් තිබේ නම් ඒ සඳහා සිංහල අන්තවාදයක් නිර්මාණය කිරීම තුලින් එය පරාජය කළ නොහැකි බවයි උන් වහන්සේ කියා සිටියේ.

මුස්ලිම් සමාජයද ජාතික සමගියට බාධා වන කටයුතු වලින් ඉවත් වීම වැදගත් වන බවත් උන් වහන්සේ කියා සිටියි.

ජාතික සමගිය
ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය නියෝජනය කරමින් පැමිණි සිටි පිරිස අදහස් දක්වමින් කියා සිටියේ මුස්ලිම් ජාතිකයින් අන්තවාදීන් බවට පල වන අදහස් පිළිගත නොහැකි බවයි.

ආගම් අතර පවතින අනවශ්‍ය බාධක ඉවත් කිරීම තුලින් ජාතික සමගිය ගොඩනැගිය හැකි බවයි එහිදී දමිළ සමාජය නියෝජනය කරමින් අදහස් දැක්වූ චාවකච්චේරියේ ලේඛකයකු වන සචිත්තානාදන් කියා සිටියේ.

ආගම් තිබෙන්නේ බෙදී සිටින සමාජයක් එක්සත් කිරීමට මිස සමගියෙන් සිටින සමාජයක් බෙදා වෙන් කිරීමට නොවන බවත් ලේඛක සචිත්තානාදන් අවධාරණයෙන් කියා සිටියේය.

ලොව ප්‍රථම වරට තුර්කියේ ඉස්තාන්බුල් නගරයේදී ලිංග විපර්යාසයට ලක් වුවන්ගේ රුප සුන්දරී තරගයක් පැවැත් උනා.

මේ සඳහා එරට වාසය කරන සමලිංගික, ලිංගිකත්වය වෙනස් කරගත් හා ද්වි ලිංගික (lesbian, gay, bisexual and transgender) විශාල පිරිසක් සහබාගි වී සිටියා. තුර්කිය තුල සමලිංගිකත්වය නීති ගත කර තිබෙනවා.

නමුත් 2002 සිට සමලිංගික හා ලිංගිකත්වය වෙනස් කරගත් පුද්ගලයන් 70ක් පමණ මර දමා තිබෙන බවයි වාර්තා වෙන්නේ. මේ තරඟය පැවත් උනේ ඔවුන්ට එරෙහිව සිදුවන එවැනි හිංසා කිරීම් වලට එරෙහි වීමේ අරමුණ ඇතිවයි.

විවිධ අංග රැසකින් සමන්විත වූ මෙම තරඟාවලිය සඳහා තරඟකරුවන් 13ක් පමණ සහබාගි උණු අතර ජයග්‍රහණය ලබාගැනීමට සමත් උනේ Yanki Bayramoglu නම් සුරුපිනියයි.

 

ld add copy

Connet With Us