ඔහු මේ බව පවසා සිටියේ ඊයේ(21) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.
එමෙන්ම එම බළඇණි විශේෂ හමුදා ජෙනරාල්වරයකු හරහා මෙහෙයවා ඇති බවට තොරතුරු හෙළි වී ඇති බවද වැඩිදුටත් අදහස් දක්වමින් අනුර කුමාර මහතා පෙන්වා දුන්නේය.
හිටපු ජනාධිපතිවරයා සාමකාමී ලෙස බලය හුවමාරු කළා කියා කීවද එය මාධ්‍ය සංදර්ශනයක් පමණක් බවද, රාජපක්ෂ රෙජිමය විසින් සැළසුම් කුමන්ත්‍රණය සාර්ථක වූවානම් රටේ ලේ ගංගාවක් ගලා යන බවත්, මිනිස් ජීවිත මිනී කඳු බවට පත්වීමට ඉඩ තිබූ බවද අනුර කුමාර මහතා එහිදී පෙන්වා දුන්නේය.