වැලිකඩ බන්ධනාගාර ගැටුම ගැන වහාම පරීක්ෂණයක් කරන්න

Published in පුවත්
Thursday, 22 January 2015 11:21

වැලිකඩ බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් වහාම සිවිල් නිලධාරීන්ගෙන් සමන්විත පරික්ෂණ කමිටුවක් පත් කළ යුතු බව ශ‍්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය අවධාරණය කරයි. එහි විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවක දී මේ බව පැවසීය.

වැලිකඩ බන්ධනාගාරයේ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් හෙළිදරව් නොවූ කරුණු පිළිබද හෙළි කිරීම සදහා සිවිල් සංවිධාන ක‍්‍රියාකාරීන් විසින් මරදාන සී.එස්.ආර්. ශාලාවේදී මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව කැඳවා තිබිණ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා මෙසේද පැවසුවේය.

"වැලිකඩ බන්ධනාගාරයේදී ගැටුම් ඇතිවූ අවස්ථාවේදී ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පරීක්ෂණයක් පැවැත්වූවා. එහෙත් ඔවුන් නිර්දය ලෙස ඒ අවස්ථාවේදී කටයුතු කළා.එහෙත් ඔවුන් තමන්ගේ පරීක්ෂණයට සාක්ෂි ලබාදීමට පැමිණි පුද්ගලයින්ගේ සාක්ෂි ලබාගත්තේ නෑ. බන්ධනාගාර නිලධාරීන්ගෙන් ඔවුන් සාක්ෂි ලබාගත්තේ නෑ. මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පැවැත්වූ පරීක්ෂණය පට්ටපල් බොරුවක්."

"මේ ගැන සොයා බැලීමට දැන්වත් ස්වාධින පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කළ යුතුයි. හමුදා නිලධාරීන්ගෙන් සමන්විත නොවූ සිවිල් පුද්ගලයින්ගෙන් සමන්විත පරීක්ෂණ මණ්ඩලයක් පත් කළ යුතුයි. එ වගේම මෙම පරීක්ෂණය හමුවේ සාක්ෂි ලබාදීමට පැමිණෙන පුද්ගලයින්ගේ ආරක්ෂාව සහතික කළ යුතුයි."

ලංකාවේ බන්ධනාගාරයක් තුළ මෙවැනි ගැටුමක් ඇතිවුනේ අවුරුදු හතලිහකට පසුවයි. එහෙත් මේ ගැන නිසි පරීක්ෂණක් සිදුවුනේ නෑ. මේ ගැන පවත්වනවාය කියූ පරීක්ෂණයේ වාර්තාව තවම ඉදිරිපත් කර නෑ."
නිතිඥ උදුල් පේ‍්‍රමරත්න මෙහිදී අදහස් දක්වමින් මෙසේ පැවසීය.

"බන්ධනාගාර සිද්ධියේදී ඝාතනයට ලක්වූ පිරිස් තෝරා බේරාගෙන මරා දමා තිබෙනවා. බන්ධනාගාර නිලධාරීන්ට විරුද්ධව නඩු පවරා ඇති පුද්ගලයින්, එ් වගේම පසුගිය ආණ්ඩුවේ දේශපාලන ක‍්‍රියාවලින්ට සම්බන්ධ පුද්ගලයින් ඝාතනය කර තිබෙනවා.මෙසේ මිය ගිය පුද්ගලයින් අතර එක් පුද්ගයෙක් කෝට්ටේ ප‍්‍රදේශයේ පන්සලක හිමි නමක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැක කරන අයෙක්. කඩු සොරකමක්ට අදාල සිද්ධියකදී මේ ස්වාමීන්වහන්සේ ඝාතනය කර තිබූ බවට ඔහුට චෝදනා ඉදිරිපත් වෙලා තිබුණා. ඔහු ඉදිරි නඩු දිනයකදී විශේෂ හෙළිදරව් කිරීමට සූදානමින් සිටි බවට තොරතුරු තිබෙනවා."

"මේ ගැටුමින් පසුව පුද්ගලයින් සිය දෙනෙක් පමණ අතුරුදහන්වී තිබෙනවා. ඒ අයගේ දෙමාපියන් අදටත් බන්ධනාගාරට එනවා. ඒ සිරකරුවන් බලන්න. ඒත් ඒ වෙලාවට බන්ධනාගාරයේ නිලධාරින් කියන්නේ එම සැකකරුවන් වෙනත් බන්ධනාගාරවලට මාරු කර යවා ඇති බවයි. මේ අයට සිදුවූ දෙයක් නෑ."

මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන ඡායාරූපද සැක සහිතයි. බන්ධනාගාර ගැටුමින් පසුව කිසියම් පුද්ගලයින් අවි ආයුද රැදවියන් අසල දමා ඡායාරූප ලබාගෙන තිබෙනවා.

ප‍්‍රවීණ මාධ්‍යවේදී සමන් වගාරච්චි අදහස් දක්වමින් මෙසේ පැවසීය.

මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් පැවති රජයට ඇගිල්ල දිගුවෙනවා. මේ වගේ නිශ්චිත සිදුවීම් සම්බන්ධයෙන් වෙන වෙනම් හෝ පරීක්ෂණ පැවැත්විය යුතුයි. මෙවැනි සිදුවීම් යළිත් ඇති නොවන ආකාරයට කටයුතු කළ යුතු වෙනවා. මෙවැනි සිදුවීම් යළිත් සිදු නොවන ආකාරයේ පසුබිමක් නිර්මාණය කළ යුතුයි.අලූත් ආණ්ඩුව යහ පාලනයක් ගැන කතා කරනවා. යහ පාලනයක් ඇති කිරීමට නම් පසුගිය කාලයේදී ඇතිවූ සිදුවීම් ගැන සොයා බැලීමේ පසුබිමක් නිර්මාණය කළ යුතුයි.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us