මගීන් 295 දෙනෙකු සමගින් විනාශයට පත්වූ මැලේසියානු ගුවන් යානයේ ශ්‍රී ලාංකිකයින් සිටීද යන්න පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

පුද්ගලයන් 295ක් සමග මැලේසියානු ගුවන් සේවයට අයත් බෝයිං 777 යානයක් රුසියානු දේශසීමාව ආසන්නයේ යුක්රේනය වෙත කඩා වැටී ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.

වත්මන් රජය විසින් ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව කළු කඩ ව්‍යාපාරයක්‌ බවට පත්කොට ඇති බව හෙළිවන නිසා තමන් ඇතුළු එජාප මන්ත්‍රීවරුන්ට සපුගස්‌කන්ද තෙල් පිරිපහදුව නිරීක්‍ෂණය කිරීමට ආණ්‌ඩුවේ හෙන්චයියන් බාධා කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පැවසීය.

යාපනයේ කරයිනගර් පළාතේ ඌරි නැමති ගම්මානයේ එකොළොස් හැවිරිදි පාසල් දැරියක් දින එකොළහක් තිස්සේ වරින් වර දූෂණය කළ බවට නාවික හමුදා සෙබළෙකුට එරෙහිව චෝදනා ඉදිරිපත් වී ඇතැයි කරයිනගර් පොලිසිය පවසයි.

කොළඹ මහාධිකරණයේදී හෙට(18) තීන්දුවට දීමට නියමිත බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් ඝාතන නඩුවේ තීන්දුව දැන ගැනීම සඳහා කුරාම් ෂෙයික් මහතාගේ රුසියානු ජාතික පෙම්වතිය වන වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රොවානා හා ඇගේ පවුලේ උදවිය කොළඹට පැමිණ ඇතැයි වාර්තා වේ.

දැඩි ආර්ථික දුෂ්කරතා සහ මේ දිනවල පවතින අධික නියං තත්වයෙන් පීඩාවට ලක් වී සිටින උතුරුමැද පළාතේ ජනතාව රවටමින් තමන්ගේ බංකොලොත් දේශපාලනය ප්‍රදර්ශනය කිරීමක් කලාවැව ප්‍රදේශයෙන් වාර්තා වේ.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව නිරීක්ෂණය කිරීම අත්හැර දැමූ බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

අතුරුදන්වූවන් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවට උපදෙස් ලබාදීම සඳහා ජනාධිපතිවරයා විසින් විශේෂඥ සභාවක් පත් කර ඇත.

 

ld add copy

Connet With Us