බස් රථ 16,000 ක් දුවන්නේ පසුගිය ආණ්ඩුවේ ප්‍රතිපත්ති උඩ

Published in පුවත්
Monday, 02 February 2015 10:16

නව ප්‍රවාහන ඇමතිවරයෙකු යටතේ බස් කර්මාන්තය දියුණු කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වන්නේ මධ්‍යම රජය යටතේ පවතින බස් රථ 4500 කට අධික ප්‍රමාණයකට පමණක් බවත්, පළාත් සභා යටතේ ධාවනය වන බස් රථ 16,000 කට තවමත් ක්‍රියාත්මක කෙරන්නේ පසුගිය ආණ්ඩුවේ ප්‍රතිපත්ති බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

ඊයේ (01දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් පැවසුවේ නව ආණ්ඩුවේ සැලසුම්වලට අනුව මගී ජනතාවට ලබාදෙන සහන හා බස් හිමියන්ට ලබාදෙන සහන ,පළාත් සභා යටතේ බස් රථ ධාවනය කරන බස් හිමියන්ට සහ මගීන්ට නොලැබෙන බවයි.

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාලනය යටතේ පවතින පළාත් සභාවල තවමත් ක්‍රියාත්මක කරන්නේ ඔවුන් මීට පෙර සකසා ගත් සැලසුම්වලට අනුව බවද ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ යම් යම් ක්‍රියාකාරකම් පවා පසුගිය ආණ්ඩුවේ නීතිවිරෝධී ප්‍රතිපත්ති මත ක්‍රියාත්මක වන බවත්, මේ අනුව මැතිවරණ සමයේදී ලබාදුන් මාර්ග බලපත්‍ර අවලංගු කරන ලෙසට කොමිසමට අමාත්‍යවරයා උපදෙස් ලබාදුන්නත් මෙතෙක් එම උපදෙස් ක්‍රියාත්මක කර නොමැති බවත් ඔහු පවසා සිටියේය.

සියලුම බස් රථ පාලනය මධ්‍යම රජය යටතට පවරාගෙන, එකම ප්‍රතිපත්තියක් යටතේ බස් රථ ධාවනය කිරීමට කටයුතු කරන ලෙස එම සංගමය නව ප්‍රවාහන ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියි.

Leave a comment

 

ld add copy

Gossip

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us