ජීවිත ආරක්ෂාවට රටින් පිටවූවන්ට නැවත පැමිණීමේ දී පීඩාවට පත් නොවන පරිසරයක් සැකසිය යුතුයි.

Published in පුවත්
Monday, 02 February 2015 09:35
ජීවිත ආරක්ෂාව පතා ශ්‍රී ලංකාවෙන් පිටමන් වූ ජනමාධ්‍යවේදීන්, මානව හිමිකම් ක්‍රියාකාරීන්, දේශපාලන ක්‍රියාධරයින් නැවත ගෙන්වා ගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම රජයේ වගකීමක් බව කැෆේ සංවිධානය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. 
 
 අද මරදාන සීඑස්ආර් ශාලාවේ දී පැවති පුවත්පත් සාකච්ඡාවක දී කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මෙම අදහස් පළකළේය
 
ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කැෆේ සංවිධානය මෙසේද පවසයි
 
රට හැර ගිය මාධ්‍ය වේදීන්ට, මානව හිමිකම් ක්‍රියකාරින්ට නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස රජය පාර්ශවයෙන් විවෘත ආරධනයන් දෙකක් සිදු කර ඇත.  එය  ඉතාමත් යහපත් තත්වයකි. අප අමතක නොකළ යුතු කරුණක් වන්නේ සිය දේශපාලන ක්‍රියාකාරකම් නිසා රට හැර ගිය විශාල පිරිසක් ද මෙයට අමතරව සිටින බවයි.  ඔවුන්ගෙන් සැලකිය යුතු පිරිසක් නැවත මෙරටට පැමිණි දේශපාලනයේ නිරතවීමට, ජනමාධ්‍ය වේදීන්, සමාජ ක්‍රියාකාරින් ලෙස කටයුතු කිරීමට කැමැත්තෙන් සිටී.
 
සැබෑ ලෙසම ජීවිත ආරක්ෂාව පතා විදේශගත වූ පිරිස මෙරටට නැවත ගෙන්වා ගැනීමට අවශ්‍ය නෛතික පසුබිම, ආරක්ෂාව සැපයීම රජයේ වගකීමක් වන්නේය.  ඒ සදහා ශ්‍රී ලංකා රජය විසින් ඉටු කළ යුතු පහසුකම් සැපයීමේ ක්‍රියාවලියක් පවතී. එසේ නොමැතිව ජනමාධ්‍ය ඔස්සේ කෙරෙන සංදර්ශනයකින් පමණක් මේ පිරිස ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සිදු කළ නොහැකිය.
 
සැබෑ ලෙසම ජීවිතාරක්ෂාව පතා විදේශගත වූ බහුතරයක් ඒ සදහා යොදා ගත්තේ නීත්‍යානුකූල නොවන සංක්‍රමණික ක්‍රමවේදයන් ය.  ඒ ගුවන් තොටුපල හෝ වරාය භාවිතයෙන් තොරව බෝට්ටු මගින් රටින් පිටවූ පිරිසක් ඒ අතර වෙති.  තවත් පිරිසක් රටින් පිටවූවේ ව්‍යාජ ගමන් බලපත් යොදා ගනිමිනි.  මේ පිරිසට නැවත රටට පැමිණීම සදහා වලංගු ගමන් බලපත්‍රයක් අවශ්‍යය.  එවැනි බලපත්‍ර නොමැති දේශපාලන ක්‍රියකාරීන් පිරිසක් ඉන්දියාව, යුරෝපය, මැදපෙරදිග රාජ්‍යයන් හි තවමත් සිටී.  එපමණක් ද නොවේ.
 
  එසේ පැමිණෙන පිරිසට ආගමන විගමන නීතිය අනුව කටයුතු කිරීම සම්බන්ධයෙන් සහතිකයක් හිමි විය යුතුය.  උදාහරණයක් ලෙස බෝට්ටුවකින් රටින් පිටව ගොස් නැවත රටට පැමිණෙන අයෙකු,  ‘නීත්‍යුනුකූල නොවන අන්දමින් රටින් පිටවීමේ චෝදනාවට‘ වරදකරු කොට සිරගත නොකරන පරිසරයක් ගොඩනැගීම අවශ්‍ය වේ.  වෙනත් වචනයෙන් කිවහොත්, ගුවන් තොටුපලින් පොලීසියට, හිරගෙදරට රැගෙන නොයන පරිසරයක් සහතික කිරීම අවශ්‍ය වේ. 
 
ජීවිත ආරක්ෂාව පතා රට හැර ගිය පිරිස් අතර දකුණේ පමණක් නොව උතුරු නැගෙනහිර  ජනතාව ද වන බව අප අමතක නොකළ යුතුය.  හමුදා නිලධාරීන්, පොලිස් නිලධාරීන් පමණක් නොව ජනනා විමුක්ති පෙරමුණ, ද්‍රවිඩ දේශපාලන කණ්ඩායම්, උතුරේ සන්නද්ධ කණ්ඩායම් සමාජිකයින් ද ඒ අතර වෙති.  සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්, බලවත් දේශපාලනඥයින්ගේ ඉලක්ක බවට පත් වූ පිරිස් ද වෙති. 
 
තවත් පිරිසක් මෙසේ පැන ගොස් විදේශීය රටවල පුරවැසි භාවය ලබා ගෙන ඇත.  ඔවුන් නැවත මෙරටට පැමිණීමට නම් ජාත්‍යන්තර නීතිය අනුව ශ්‍රී ලංකා රජය ඔවුනට පුරවැසි භාවය හෝ ද්විත්ව පුරවැසි භාවට ලබාදීමට එකගත්වය පළ කළ යුතුය.   ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වූ ජෙයපාලන් වැනි පුද්ගලයින්ට පසුගිය රජය යටතේ සිදු වූ ගැහැට, නැවත මෙරටට පැමිණෙන පුරවැසියන්ට විදින්නට සිදු නොවන බව තහවුරු කිරීම වැදගත් වේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us