හෙට (12) සිට ක්‍රියාත්මක වන පරිදි ලොකු ලූනූ කිලෝවක ආනයනික බද්ද රුපියල් 25කින්ද ලබන (15) සිට අල කිලෝවක ආනයනික බද්ද රුපියල් 15කින්ද වැඩි කරන බව මුදල් අමාත්‍යංශය පවසයි.
එක්සත් ජාතික පක්ෂ නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ 50වන උපන්දිනය අදට (11) යෙදී ඇත.
ඌව පළාත් සභා මැතිවරණය සඳහා බදුල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ කරන අපේක්ෂකයින්ට මනාප අංක නිකුත් කිරීම ප්‍රමාද වන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.
ඉබෝලා වෛරසයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ලයිබිරියාවේ සිට මෙරටට ගෙන්වන ශ්‍රී ලාංකීය ශ්‍රමිකයින් 200ක් දෙනා කටුනායක ගුවන්තොටුපොළේදී පරීක්ෂාවකට ලක් කිරීමට විශේෂ වෛද්‍ය කණ්ඩායම් සූදානම් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් සුධර්මා කරුණාරත්න මහත්මිය පෙන්වා දෙයි.
පියාගේ තරවටුවකින් කනස්සල්ලට පත් පාසල් දැරියක් දෙමටගොඩ - මිහිඳුසෙන්පුර නිවාස සංකීර්ණයේ 7 වන මහලින් බිමට පැන දිවි හානි කර ගැනීමේ ඛේදනීය පුවතක් දෙමටගොඩ ප්‍රදේශයෙන් වාර්තාවේ.
අප බොහෝ දෙනා නොසළකා හරින කෙසෙල් ගෙඩි අප සිතා සිටියාට වඩා ප්රතිලාභ බොහෝමයක් ලබාදෙන පළතුරක් බව මේ ලිපිය කියැවීමෙන් ඔබට පෙනී යනු ඇත.
ඉදිකිරීම් ශිල්පීන්ගේ දායකත්වය රටේ සංවර්ධනයට යොදා ගැනීමේ අශ්‍යතාවය මැනවින් හදුනාගත් NAITA ආයතනය හොල්සිම් ලංකා සමාගම සමග එක්ව වයඹ පළාත් මහ ඇමති කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් 'නිපුණතා අභිෂේක 2014 'ප්‍රථම පියවර අද කුරැණෑගල මාලිගා පිටියේදී සිදු කිරීමට නියමිතය.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ තමන් ක්‍රීඩා කළේ අවසන් ඉනිම බවත්, ඒ පිළිබඳව දුකක් පවතින බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ පිතිකරු මහේල ජයවර්ධන සඳහන් කරයි.