ලංකාව බාරයේ අැති සියලු ඉන්දීය ධීවර යාත්‍රා අද නිදහස්

Published in පුවත්
Thursday, 12 February 2015 11:16

මෙරට බාරයේ තිබෙන සියලූම ඉන්දීය ධීවර යාත්‍රා අද(12) දිනයේ නිදහස් කරනු ලැබේ.

එම ධීවර යාත්‍රා නිදහස් කිරීමට නීතිපතිවරයාගේ උපදෙස් ලැබී ඇති බව ධීවර අමාත්‍යංශ ලේකම් නිමල් හෙට්ටආරච්චි මහතා සඳහන් කළේය.

නීති විරෝධි ලෙස මෙරට මුහුදු සීමාවට ඇතුළු වීම හේතුවෙන් නාවික හමුදා බාරයට ගත් ධීවර යාත්‍රා 84 ක් මෙලෙස නිදහස් කිරීමට නියමිතය.

ධීවර යාත්‍රා නිදහස් කිරීමෙන් අනතුරුව ඉන්දීය බලධාරීන්ට ඒවා බාරදීම සඳහා නාවික හමුදාවට බාරදෙන බව නිමල් හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉන්දිය සංචාරයට පෙර මෙරට බාරයේ ඇති සියලූම ධීවර යාත්‍රා නිදහස් කරන බවට ප්‍රකාශකර තිබුණි.

ජනාධිපතිවරයා ලබන15 වන දින ඉන්දිය නිල සංචාරය ආරම්භ කිරීමට නියමිතය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us