උඩුගම , බිබිල, සියඹලාන්ඩුව, කල්පිටිය සහ ආණමඩුව යන ප්‍රදේශ වල මෙම නව අධිකරණ සංකීර්ණ ඉදිකර ඇති බව අධිකරණ හා කම්කරු සබඳතා අමාත්‍යංශය පවසයි.
උඩුගම නව අධිකරණ සංකීර්ණය අද (12) පස්වරුවේ අධිකරණ හා කම්කරු සබඳතා අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය.
බිබිල සහ සියඹලාන්ඩුව අධිකරණ සංකීර්ණ ලබන සෙනසුරාදා දිනයේ විවෘත කෙරෙන අතර කල්පිටිය සහ ආණමඩුව නව අධිකරණ සංකීර්ණ ලබන සඳුදා දිනයේ විවෘත කිරීමට සැලසුම් කර ඇති බව අධිකරණ හා කම්කරු සබඳතා අමාත්‍යංශය සඳහන් කළේය.