දිවයිනපුරා රෝහල්වල කණිෂ්ඨ කාර්ය මණ්ඩලය අද (13) දිනයේ වැඩ වර්ජනයක නිරත වේ.
ශ්‍රී ලංකා යුද හමුදාවේ කාන්තා බළකායට අලුතෙන් එක්වී සාර්ථකව පුහුණුව නිම කළ දමිළ ජාතික තරුණියන් 26 දෙනෙකුගේ විසිරයාම පෙරේදා (09) කිලිනොච්චිය පිහිටි 09 වන සංඥා බලකා යුද හමුදා කඳවුරේදී උත්සවාකාරයෙන් සිදු විය.
නාවල පදිංචි දොස්තර ඊ ඒ ප්‍රියංගා (47) මහත්මියගේ මරණය සම්බන්ධයෙන් සැකපිට බම්බලපිටිය කොස්මැටික් සර්ජරී රූපලාවන්‍ය මධ්‍යස්ථානයේ දොස්තර නිමල් ගමගේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
නීති විරෝධි මත්පැන් වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසක් කොක්කඩිචෝලෙයි ප්‍රදේශයේදී පහරදීමකට ලක්ව ඇත.
ඩුබායි හිදී මියගිය කහටගස්දිගිලිය, පන්වැල්ලේ පදිංචි යු.ඞී සෝමලතා මහත්මියගේ දේහය මව්බිමට ගෙන්වා ගැනීම පමා වෙමින් තිබෙන්නේ ඇගේ මරණය සම්බන්ධයෙන් පරික්ෂණ තවමත් අවසන් නොමැති නිසා බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
බොදුබල සේනා, සිංහල රාවය සහ තව්හිද් ජමාද් යන සංවිධාන විසින් අද (13 දා) කොළඹදී පැවැත්වීමට සූදානම් කර තිබූ විරෝධතා ව්‍යාපාර සහ පෙළපාළි තහනම් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිප‍්‍රකට ටෙලි නිළි රෙබෙකා නිර්මලී මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.