ශ්‍රීලනිපයට උපදේශක සභාවක් පත් කෙරේ.

Published in පුවත්
Friday, 13 February 2015 15:20

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට උපදේශක සභාවක් පත් කිරීමටත් එහි සාමාජිකයන් ලෙස හිටපු ජනාධිපතිවරුන්, අග්‍රාමාත්‍යවරුන් සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් එක්කර ගැනීමට අද රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.

ඊට අමතරව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම පිළිබඳ යෝජනා සකස් කිරීම සඳහාද කමිටුවක් පත්කර ඇති අතර එම කමිටුවට විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, හිටපු අමාත්‍යවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, ජෝන් සෙනෙවිරත්න, ජී.එල්. පීරීස්, සරත් අමුණුගම සහ මහින්ද සමරසිංහ යන මහත්වරුන් ඇතුළත්ය.

මැයි දින රැලිය සංවිධානය කිරීම සඳහා කමිටුවක්ද පත්කර ඇති අතර, ඊට ජනක බණ්ඩාර තෙන්නකෝන්, සී.බී. රත්නායක, ඩලස් අලහප්පෙරුම, කුමාර වෙල්ගම, මහින්දානන්ද අලූත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන සහ මහින්ද යාපා අබේවර්ධන යන මහත්වරුන් ඇතුළත්වේ.

උපලේකම්වරුන් අටදෙනාගෙන් එක් අයකු තෝරාගෙන ජ්‍යෙෂ්ඨ උප ලේකම්වරයකු ලෙස පත් කිරීමටද නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.

ඒ අනුව ඊට අදාළ යෝජනාව පක්ෂ ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට අදාළ කරුණු හෙට දින රැස්වන විධායක සභාවේදී සහ සමස්ථ ලංකා කාරක සභාවේදී කටයුතු කෙරේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us