දින සියයේ නිවාස 50,000 සංවර්ධන වැඩසටහන ඇරඹේ.(audio/video)

Published in පුවත්
Friday, 13 February 2015 15:54

දිවයින පුරා නිවාස අවශ්‍යතාවය පවත්නා අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් නිවාස පහසුකම් සපයාදීම අරමුණු කරගෙන දින සියයේ වැඩසටහනට සමගාමීව නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ අදහසකට අනුව දින සියයේ නිවාස 50,000 සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මකවේ. අද(13) දින මෙම වැඩසටහන අාරම්භ වන අතර මේ පිළිබදව මාධ්‍ය දැනුවත් කිරීම නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් සෙත්සිරිපාය අමාත්‍යාංශයේදී පැවැත්වුණි.

මෙම වැඩසටහන ස`දහා සමෘද්ධි අමාත්‍යාංශයේ මගපෙන්වීමෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මූලිකත්වයෙන් දිවයිනේ සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් ,ප්‍රාදේශීය ලේකම්වරුන් හා ග්‍රාම නිලධාරීවරුන් ඇතුළු සියලු රාජ්‍ය ආයතනික දායකත්වයෙන් හා නිවාස හා ජනාවාස ක්ෂේත්‍රයේ නියුතු විවිධ ආයතන හා සංවිධාන සහාය කර ගනිමින් මෙම වැඩපිළිවෙල දියත්වේ.

දිවයිනේ සෑම මැතිවරණ කොට්ඨාසයකම නිවාස 300 බැගින් මැතිවරණ කොට්ඨාශ 160 ආවරණය වන පරිදි නිවාස 50,000 ක් ඉදිකිරමට යෝජිතවේ.
සෑම නිවසක් සදහාම රජයෙන් රුපියල් ලක්ෂයක මූල්‍ය අනුග්‍රහයක් ලැබෙන අතර 3.732% ක අඩු පොළී ප්‍රතිශතයක් යටතේ එම ණය මුදල ලබාදේ. වසර 10 ක් තුළදී අදාළ ණය මුදල නැවත ගෙවිය යුතු වන අතර එක් නිවාස ලාභියෙකු මසකදී නැවත ගෙවිය යුත්තේ රුපියල් 1000 ක වාරික මුදලකි.

මෙම අවස්ථාවට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ මේ සදහා සුභපතන්නන්ගෙන් විශාල දායකත්වයක් සැපයෙන බවය. ශ්‍රීලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සමාජිකයෙක් වන ‍දේශමාන්‍ය සුනිල් ලියනාරච්චි මහතා  මෙම මාධ්‍ය හමුවට සහභාගීවෙමින් ලක්ෂ 50 ක මුදලක් පරිත්‍යාගයක් ලෙස වැඩසටහන වෙනුවෙන් අමාත්‍යවරයා වෙත පිරිනමනු ලැබිණ.

sajith-01

sajith-05

{soundcloud}https://soundcloud.com/lankadaily/sajith-pemadasa-press{/soundcloud}

Last modified on Saturday, 14 February 2015 10:35

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us