මෙවර ජනාධිපතිවරණය වැඩිම ප‍්‍රචණ්ඩකාරී සිදුවීම් ඇතිවිය හැකි මැතිවරණය විය හැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. ‘‘ඒකාධිපති වියරුව පරදවමු’’ මැයෙන් නුගේගොඩ නගරයේ ඊයේ (01) පැවති ජනරැළියක් අමතමින් එම පක්‍ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා මේ බව පවසා සිටියේය.

ඉදිරි ජනාධිපතිවරණයට අදාළව දිවයිනේ සියලු පොලිස් කොට්ඨාශ මට්ටමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානය සැලසුම් කර තිබේ.

යාපනයේ ඉපැරණි ඕලන්ද බලකොටුව සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය මේ වන විට අවසන් අදියට පැමිණ ඇත.

දිවයිනට පැමිණ සිටින ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා ඊයේ පස්වරුවේ විපක්ෂනායක රනිල් වික‍්‍රමසිංහ මහතා මුණගැසී ඇත.

ඉදිරි ජනාධිපතිවරණයේදී තම පක්ෂයේ සහාය කුමන අපේක්ෂකයා හට ලබා දෙන්නේද යන්න සම්බන්ධයෙන් වු ජාතික හෙළ උරුමයේ අවසන් තීන්දුව අද පෙරවරුවේ ප‍්‍රකාශයට පත් කිරිමට නියමිතය.

ශ්‍රී ලංකාවේ සංචාරය කරන බ්‍රිතාන්‍ය ජාතිකයින් සඳහා අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

‘ලොකුවට බැනර්,තොරණ,කටවුට් ගහන්න පුළුවන් නමුත් ජනතා හදවතට හිතවත් වෙනන් බැරිනම් වැඩක් නෑ.හොරකම ,මැරකම හා දුෂණයෙන් සියලු දේ වහනවානම් එක් එක් අයගේ පිට කසනවානම්, සුදුහුණු ගානවානම්, අපේ රටට සුගතියක් වන්නේ නැතැයි‘ කළුතර දිස්ත්‍රික් සන්ධාන මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා ඊයේ (01) හොරණදී ප්‍රකාශ කළේය.

නවීන් සිරිකොතට..

Published in පුවත්
Monday, 01 December 2014 12:58

හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා සිරිකොත එක්සත් පක්ෂ මූලස්ථානයට මිට සුළු මොහොතකට පෙර පැමිණියේය.

ld add copy

Connet With Us