රාජ්‍ය හා පෞද්ගලික බැංකු හා මූල්‍ය ආයතනවල සේවකයන් ලබාගත් ණය වෙනුවෙන් අය කළ සියයට 2ක බද්ද වහාම ඉවත් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ තීරණය කළේය.

දඹදිව වන්දනාවේ යාමේදී එරට සිද්ධස්ථානවල පිං කැටවලට මෙරට කාසි නොදමන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙරට බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරයි.

පරිසරවේදීන්ගේ විරෝධය කැළණි ගෙඟ් අතු ගංඟාවක් වන මස්කෙළි ඔයේ ලක්ෂපාන දිය ඇල්ලට ඉහලින් සප්තකන්‍යා හයිඩ්‍රෝ පවර් පුද්ගලික සමාගම විසින් ඉදිකරන තිබර්ටන් කුඩා ජල විදුලිබලාගාරය ඉදිකරමින් පරිසර පද්ධතියට සිදුකරන හානිය නවත්වන ලෙස ඉල්ලමින් ඕස්ට්‍රේලියාවේ බඩර් අප් පරිසර සංවිධානයේ තානාපති වීද්‍යාඥ පැටිරික් කික්බි විසින් අප වෙත ලිපියක් යොමුකර ඇති අතර අදාළ බලධාරින් වෙත එය යෙමුකරන ලෙස ඉල්ලා ඇත.

වැඩිපුරම සියදිවි නසා ගන්නේ තරුණයන් බව හ්ර්ලිව තිබේ. තරුණයන් අතර මරණ සංඛ්‍යාව ඉහළ යෑමට ප්‍රධාන හේතුව ඝාතන, සියදිවි නසාගැනීම් හා තමන්ට ශාරීරික වදහිංසා පමුණුවා ගැනීම බව අනාවරණය වී තිබේ.

පොලිස්වාර්තාවලට අනුව 2011වර්ෂයේ තරුණ මරණ සංඛ්‍යාවෙන් තුන්දහස් හත්සියහැත්තෑවක් (3770) සියදිවි හානි කර ගැනීම් බව තරුණ කටයුතු හා නිපුණතාසංවර්ධන අමාත්‍යංශයෙන් පසුගියදා නිකුත් කළ "තාරුණ්‍ය සහ සංවර්ධනය - 2014" නමැති සංග්‍රහයේ සඳහන් කර ඇත.

පන්සල්, කෝවිල්, පල්ලි, පාසල් සහ කාසි භාවිතයට ගැනෙන විවිධ වෙනත් ස්‌ථානවලට රැස්‌ කෙරෙන කාසි වෙළෙඳපොළ සංසරණයට එක්‌ නොකිරීම නිසා වෙළෙඳපොළේ කාසි හිඟයක්‌ ඇතිවී ඇති අතර ශ්‍රී ලංකා මහ බැංකුව එම ස්‌ථානවලට ගොස්‌ කාසි එකතු කිරීමට පියවර ගෙන ඇත. 


ඒ අනුව කාසි දහකට රුපියල් දෙසියක දිරි දීමනාවක්‌ද ලබාදීමට පියවර ගෙන ඇත.

තමා පසුපස ලුහු බඳින යතුරු පැදි සහ ත්‍රීවීලර් රථවල අංක තහඩු ව්‍යාජ ඒවා බව අනාවරණය වී ඇතැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිවේදී උපුල් ජයසූරිය මහතා ප්‍රකාශ කරයි.

ආසන වෙන් කිරීම සම්බන්ධ මතභේදයට විසඳුමක් ලැබෙන තුරු ඌව පළාත් සභා මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂය (එජාප) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේය.

රාජපක්ෂ රෙජීමය තමන් හම්බ කරගන්නවා මිස රටේ ඔවුන්ට වැඩ කළ තරුණයෙකුට පවා නිකම් රස්සාවක් නොදෙන බවත්, ඒවා මුදලට විකුණා සල්ලි ටික රෙජීමයේ සාක්කුවේ දාගන්නා බවත් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

 

ld add copy

Latest News

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

ඡන්දය ගණන්කිරීම සිදුවන අවස්ථාවේදී ටෙලිවිෂන් හෝ විශාල තිර යොදාගෙන පාරවල් අසල එක්රැස් වී වැඩසටහන් නැරඹ...

ක්‍රීඩා

Connet With Us