මැතිවරණ ක්‍රමය වෙනස් කරන තෙක් මැතිවරණයක් නොපැවැත්විය යුතුයි - ශ්‍රීලනිපය

Published in පුවත්
Monday, 23 February 2015 08:16

විධායක ජනාධිපති ක්‍රමය සංශෝධනය කර ඉදිරියට ගෙනයන අතර මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන තෙක් මැතිවරණයක් නොපැවැත්විය යුතු බවට තීරණය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවක් ලෙස ඉදිරියට වැඩ කිරීමටද එකඟතාව පළකර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සඳහා පෙරේදා (21) හා ඊයේ (22) කටුනායක පැවැති දෙදිනක විශේෂ වැඩමුළුව අවසානයේ මෙම තීරණවලට එළඹ තිබිණි.

ජාතික ආණ්ඩුවක් ලෙස ඉදිරියට වැඩ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය එකඟතාව පළ කළත් තම පක්ෂයේ කොන්දේසි ඇති බවත් එම සියලු කොන්දේසි එක්සත් ජාතික පක්ෂය ඇතුළු සෙසු පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට පක්ෂ නායකත්වයට භාරදෙන බවත් සඳහන් කෙරිණි.

විධායක ජනාධිපති ක්‍රමය සං‍ශෝධනය කර ඉදිරියට යා යුතු බවටද මෙහිදී අවධාරණය කෙරුණු අතර මැතිවරණ සංශෝධනයක් නොමැතිව මැතිවරණ පැවැත්වීම සුදුසු නොවන බවටද සඳහන් කෙරිණි.

එමෙන්ම 17 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ වෙනසක් අවශ්‍ය නොවන බවටද මෙහිදී එකඟතාවය පළ කෙරිණි.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි මඟ” මැයෙන් ආරම්භ කෙරුණු මෙම වැඩමුළුවේදී පසුගිය ජනාධිපතිවරණය සහ හ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳ හා එළැඹෙන මහ මැතිවරණයේ දී පවතින අභියෝග සහ උපාය උපක්‍රම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

විද්වතුන්ගේ දේශන ඇසුරෙන් කණ්ඩායම් වශයෙන් මෙම සාකච්ඡාව පැවැත්වූ අතර පළමු දින අවසන් සැසි වාරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එම අවස්ථාවට සහභාගී විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ජයග්‍රහණය වෙනුවෙන් පවතින තත්ත්වය යථාර්ථවාදීව හඳුනාගනිමින් කටයුතු කළයුතු බවත්, පුහු සටන් පාඨ වෙනුවට දේශපාලන ගුණාත්මකභාවයෙන් යුතු සටන් පාඨ සමඟ ජනතාව අතරට යාමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කළයුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී පෙන්වා දුන්නේය.

අද මුළු රටම බලා සිටින්නේ ආණ්ඩුවේ දින සියයේ වැඩසටහන දෙස බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළයුතුව ඇත්තේ පවතින යථාර්ථය වෙනුවෙන් ජනතාවගේ පැත්තේ සිට කටයුතු කිරීම බව ද කියා සිටියේය.

පසුගිය ජනාධිපතිවරණයේ දී ජනතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දුන්නේ පක්ෂය වෙනස්විය යුතුයි යන පණිවුඩය බවත් ඒ වෙනසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනුගත නොවුනහොත් වසර 10 – 15 ක් විපක්ෂයේ වාඩිවීමට සිදුවන බවත් ජනාධිපති වරයා කියා සිටියේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය ශ්‍රී ලංකාවට එරෙහිව මාර්තු මාසයේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ වාර්තාව ලබන ඔක්තෝම්බර් මස දක්වා දීර්ඝ කර ගැනීමට හැකිවීම නව රජය ලැබූ විශාල ජයග්‍රහණයක් බවත් නව රජය වැඩකරන දෙස බලා තීන්දු ගන්නා ලෙස කළ ඉල්ලීමත්, දේශීය යාන්ත්‍රණයක් සකස් කිරීම සඳහා වූ යෝජනාවත් ඔවුන් පිළිගෙන තිබෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

සිය දේශපාලනය තුළ එක්සත් ජාතික පක්ෂය සමඟ කුමන ආකාරයේ හෝ ගිවිසුමක් නොමැති බවද මෙහිදී අවධාරණය කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යථාර්ථය අමිහිරි වුවත් තිත්ත ඇත්ත කථා කළ යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දීර්ඝායුෂ වෙනුවෙන් බව ද කියා සිටියේය.

 

dinamina

Last modified on Monday, 23 February 2015 08:35

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us