බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය මත්කුඩු ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් දන්නා තොරතුරු පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත ලබාදෙන්නේ නම් එම අවස්‌ථාවේ සිට විමර්ශන ආරම්භ කිරීමට පොලිසිය කටයුතු කරන බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ පවසයි.

රාජපක්‍ෂ රෙජිමය විසින් මේ රටේ කෘෂි කර්මාන්තය 'කෘෂි කර්මයක්' බවට පත්කර ඇතිබව විපක්‍ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා ලග්ගල ආසනයේ එජාප සංවිධායක හා රෝහණ බන්ඩාරනායක මහතාගේ නිවසේ ඊයේ (27) පැවති එජාප ඡන්දපොළ නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහන අමතමින් පැවසීය.

කොල්ලුපිටිය මුහන්දිරම් පාර අසල අහසට යවා තිබූ සරුංගලයක් පොලිසියේ මැදිහත් වීමෙන් ඊයේ  සවස හදිසියේ බාන්නට සිදු විය. ඒ එම සරුංගලය අහසේදී අරලියගහ මන්දිරය සීමාවට පැමිණීම හේතුවෙනි.

විශාදය රෝගයට (depression) විද්‍යුත් කම්පන ප්‍රතිකාරය නොමිලයේ ලබාදීමේ නවතම ක්‍රමවේදයක් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ආරම්භ‍ කෙරේ.

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරන ලද වැඩ මුළුවකට සහභාගී වීම පිණිස යාපනයේ සිට කොළඹ බලා ගමන් ගනිමින් සිටි මාධ්‍යවේදීන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා ප්‍රවෘත්ති සාකච්ඡාවක් සංවිධානය කිරීම හේතුවෙන් තමන්ට දුරකථනය ඔස්සේ මරණ තර්ජන එල්ල වූ බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් සුනිල් ජයසේකර මහතා පවසයි.

මාතලේ රෝහලේ දැඩි සත්කාර ඒකකයට රෝගීන් ඇතුළත් කරගැනීම තාවකාලිකව නතර කර තිබේ.

විලවුන් උපකරණ හා ඖෂධ අධිකාරිය කළ සමීක්ෂණයක් මඟින් ලිංගික උත්තේජනය සඳහා භාවිත කරන ඖෂධයක් රට පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව අනාවරණය වී ඇත.

දකුණු කලාපයට බලපා ඇති නියං තත්වය හේතුවෙන් යාල වනෝද්‍යානයේ වන සතුන්ට බීමට අවශ්‍ය ජලය සැපයීමට යොදවා තිබූ බවුසරය මේ වන විට වෙනත් කටයුතු සඳහා යොදාගෙන ඇති බව පරිසර සංරක්ෂණ භාරය පවසයි.

 

ld add copy

Latest News

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

ඡන්දය ගණන්කිරීම සිදුවන අවස්ථාවේදී ටෙලිවිෂන් හෝ විශාල තිර යොදාගෙන පාරවල් අසල එක්රැස් වී වැඩසටහන් නැරඹ...

ක්‍රීඩා

Connet With Us